Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතට පවරා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලිපි ගොනු, පරිඝනක යන්ත්‍ර, එවායෙහි මුර පද, චෙක්පත් ඇතුළුව මූලස්ථානයේ තිබෙන සෙසු සියළු බඩු බාහිරාදිය සිය අමාත්‍යාංශයට බාර දෙන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රාජකාරි ආවරණ) ඩී.චන්දිරන් මහතා අද (27) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම්දී තිබේ.
ඒ අනුව ඒ සදහා කටයුතු ඊයේ සිට සූදනම් කරමින් තිබෙන බව ලංකාදීපය කළ විමසුමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි. එම ලිපි ගොනු හා භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයේ මලල ක්‍රීඩා සම්බන්ධ්කරණ නිලධාරියා වන අශෝක ජයසුන්දර මහතාට භාර දෙන ලෙසද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මලල ක්‍රීඩා ආයතනයට දැනුම්දී තිබේ.
කෙසේවූවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ උපදෙස් ලබාදී තිබෙන අතර පසුගිය අගෝස්තු 25 වැනිදා සිට මලල ක්‍රීඩා නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බන්ඩාර මහතා මලල ක්‍රීඩා ආයතනයේ විමසීම් වලට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ මෙතෙක් පවත්වා ගෙන ආ පරිදී මූලස්ථානයේ කටයුතු පවත්වා ගෙන යන ලෙසය.
මලල ක්‍රීඩා ආයතනයේ හිටපු ලේකම්වරයා වැඩිදුරටත් පැවැසුවේ සිය ජාතික සංචිතවල කල් ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ආසන්නයේදීම පැවැත්වෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධ්කරණය කිරීම සදහා මලල ක්‍රීඩා ආයතනයේ කටයුතු කරමින් සිටි හිටපු විධායක සභාව ස්වෙච්ඡාවෙන් තවදුරටත් මලල ක්‍රීඩා මූලස්ථානයේ කටයුතු පවත්වා ගෙන යාමට තීරණය කළ බවයි. එසේවූවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරි ප්‍රතිචාර මත එය තීරණය වෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
අගෝස්තු 25 වැනිදා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ඇතුළුව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය හා ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාළිකව අත් හිටුවමින් ඒවායෙහි කටයුතු පවත්වා ගෙන යාම සදහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කර තිබේ.
කෙසේවූවත් මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) පසුගිය අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී ක්‍රීඩා ඇමැතිවරයාගේ නියමයෙන් කල් දමනු ලැබීය.එසේ වූයේ මලල ක්‍රීඩා නිලවරණය පාදක කර ගනිමින් ඉදිරිපත් වූ නාමයෝජනා හා නිලවරණ කමිටුවේ සාමාජිකයෙකුට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවට ඉදිරිපත්ව තිබූ විරෝධතා තුනක තීන්දු ප්‍රකාශයට පත් කර නොතිබියදීය.
එම විරෝධතා විභාග කිරීම සදහා රුපියල් 75000 ක මුදලක්ද ( එක් අභියාචනාවක් සදහා රුපියල් 25000 ක් බැගින්) ක්‍රීඩා අමාත්‍යාංශයට ගෙවා තිබුණි.එහිදී ඊයේ (27) වන තෙක් එම අභියාචනා තීන්දු ප්‍රකාශයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව අපොහොසත්වීම තුළ වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා නීතිගත කළ නව ක්‍රීඩා රෙගුලාසි මාලාවේ වගන්ති දෙකක්ම උල්ලංඝණයවී ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.