
නාමල් පතිරගේ
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (1) නිමාව දුටු පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී තුන් පිම්ම (කාන්තා) ඉසව්වෙන් මීටර 13.68 කට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලක් ක්‍රීඩා සමාජයේ මධුශානි හේරත් සමත්වූවාය.
මීට පෙර වසර 2019 දී විදූෂා ලක්ෂානි ක්‍රීඩිකාව විසින් මීටර 13.66 කට පිහිටුවා තිබූ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිද දැමීමට එහිදී මධුෂානී හේරත්ට හැකි විය.
20 හැවිරිදි ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
දුර පැනීම (කාන්තා) ඉසව්වේද ජාතික ශූරියක් වන ඇය පසුගියදා චීනයේදී පැවැති 12 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩිකාවකි.එහිදී ඇගේ තුන් පිම්ම ඉසව්වේ දක්ෂතා මීටර 6.11 කට (පස් වැනි ස්ථානය) සීමාවූවාය.ඇය දකුණු ආසියානු ශූරතා මලල ක්‍රීඩා (වයස 20 න් පහළ) ඉසව්වේ රන් පදක්කම්ලාභීණිකි.
දුර පැනීම (කාන්තා) ඉසව්වේ ඇගේ මෙතෙක් හොදම දක්ෂතාවය මීටර 6.37 කි.කලක් ඇය මිටර 100 (කඩුලු - කාන්තා) ඉසව්වෙන්ද තරග වැදී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.