Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් ගිවිසුම් ගතවී ඇත. නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මතීෂ පතිරණට මෙම අවස්ථාව හිමිවී ඇත.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් මාර්තු 26 වැනිදා කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව පැවැති පළමු තරගයේදී මිල්නේ ආබාධයට ලක් වූ අතර එතැන් සිට මේ දක්වා ඔහු චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් ක්‍රීඩාකර නොමැත.
මේ වනවිට 19 හැවිරිදි වියේ පසුවන පතිරණ මේ වසරේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති වයස 19 න් පහළ ලෝක කුසලානයට එක්වූ ශ්‍රී ලංකා සංචිතයේ සාමාජිකයෙකි. එහිදී ඔහු තරග 4 කට ක්‍රීඩා කර කඩුලු 7 ක් දවාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවීම හේතුවෙන් පතිරණ ප්‍රසිද්ධියට පත් වූයේය.
අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමින් එක් සීමිත ඕවර තරගයක් සහ විස්සයි20 තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ අවධානයට ලක්ව සිටියේය. ඒ අනුව පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදීද දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සමගින් චෙන්නායි සුපර් කිංග්ස් සංචිතයට එක්ව සිටියේය.
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70 කට ගිවිසුම් අත්සන් කළ මහීෂ් තීක්‍ෂණ මෙන්ම මතීෂ පතිරණද මෙවර චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප්‍රධාන සංචිතයට ඇතුළත්ව සිටින සාමාජිකයෙකි.
මූලික ලංසුව වන ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක් සඳහා මතීෂ පතිරණ චෙන්නායි පිල සමගින් ගිවිසුන් අත්සන් කර ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.