Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලියේ තීරකවරයා ලෙසින් රන්ජන් මඩුගල්ලේ මහතා නම්කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා මෙන්ම එහි සිටින ජ්‍යෙෂ්ඨතම තීරකවරයාද වන මඩුගල්ලේ මහතා තරග තීරකවරයකු වශයෙන් කටයුතු කරන 200 වැනි ටෙස්ට් තරගය වන්නේ කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයයි.
තරග තීරකවරයාගේ භූමිකාව ආරම්භයේ සිටම එය තරගයට සහභාගි වන රටවල් දෙකට සම්බන්ධ නොවන, මධ්‍යස්ථ රටක තීරකවරයකුට පවරනු ලැබිණ. එහෙත් කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමගින් තරග තීරකවරයාගේ භූමිකාව ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන රටේ සිටින තීරකවරයාට පවරනු ලැබිණ. එහි ආරම්භය සනිටුහන් වූයේ 2020 දී පැවැති එංගලන්ත - බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ තරග තීරකවරයා වශයෙන් එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඞ් මහතා නම්කිරීමෙනි.
තීරකවරයකු වශයෙන් ටෙස්ට් තරග 200 කඩයිමට පිවිසෙන ලොව පළමු තීරකවරයා වන මඩුගල්ලේ මහතාට ආසන්නයෙන්ම සිටින්නේ ටෙස්ට් තරග 113 ක තීරකවරයා ලෙසින් කටයුතු කර ඇති ක්‍රිස් බ්‍රෝඞ් මහතාය. තරග තීරකවරුන් වශයෙන් ටෙස්ට් තරග 100 කඩයිම පැන ඇත්තේ ද රන්ජන් මඩුගල්ලේ (199), ක්‍රිස් බ්‍රෝඞ් (113) සහ නවසීලන්ත ජාතික ජෙෆ් ක්‍රෝ (103) යන මහත්වරුන් පමණි.
ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව මඩුගල්ලේ මහතා තීරකවරයා වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 201 ක් වනු ඇත. මේ දක්වා එක්දින තරග 369 ක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 125 ක තීරකවරයා වශයෙන් කටයුතු කර ඇති මඩුගල්ලේ මහතා පසුගිය ඉරිදා ඩුබායිහිදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේද තීරකවරයා වශයෙන් ද කටයුතු කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උසස් විනිසුරු මණ්ඩලයේ සාමාජිකයකු වන කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරු ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලියේ සෙසු විනිසුරුවරුන් ලෙස කටයුතු කරති. ඔවුන් අතුරින් කුමාර් ධර්මසේන මහතා ටෙස්ට් තරග 69 ක ප්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.