Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මට ඒ අවස්ථාව ප‍්‍රතික්ෂේප කරන්න බැරිවුණා - ෆාබ්‍රේස්

මට ඒ අවස්ථාව ප‍්‍රතික්ෂේප කරන්න බැරිවුණා - ෆාබ්‍රේස්

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 11 Comment
A A A


ලබන මාසයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මුණගැසෙන විට ඔවුන්ට මුහුණ දීම අසීරු වුවත් එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් තමන්ට ලැබුණු අවස්ථාව ප‍්‍රතික්ෂේප කිරීම කළ නොහැක්කක් වූ බව පෝල් ෆාබ්‍රේස් මහතා පවසයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් මාස දෙක හමාරක පමණ කාලයක් කටයුතු කළ ෆාබ්‍රේස් මහතා වි:20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නිවාඩුවක් ගතකිරීම සඳහා සිය මව්බිම වන එංගලන්තය බලා ගියේය.

නමුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ට නොදන්වාම එංගලන්ත කි‍්‍රකට් පිලේ සහාය පුහුණුකරු තනතුර බාරගැනීමට පෝල් ෆාබ්‍රේස් මහතා කැමැත්ත පළ කළේය.
 
තරග දිවියේදී එංගලන්තයේ කෙන්ට් පිල වෙනුවෙන් කඩුලූ රැුකීමේ යෙදුණු පෝල් ෆාබ්‍රේස් එංගලන්ත කණ්ඩායමේ වත්මන් පුහුණුකරුවා වන පීටර් මුවර්ස් සහ එංගලන්ත කී‍්‍රඩකයන් කිහිප දෙනකු හමුවී එංගලන්ත පිලේ සහාය පුහුණුකරුවා වීමට කැමැත්ත පළ කළේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අයතනයට සිය සමුගැනීම දැනුම් දීමෙන් පැය 24 ක් යාමටත් මත්තෙන් පෝල් ෆාබ්‍රේස් මහතා එංගලන්ත පිලේ සහාය පුහුණුකරුවා ලෙස පත්කරන ලද බව එංගලන්තයෙන් වාර්තා විය. එහෙත් ෆාබ්‍රේස් මහතා පවසන්නේ තමන්ට මෙම අවස්ථාව ලැබුණේ දෙපාර්ශ්වයටම තීරණාත්මක අවධියකදී වුවත් එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් මණ්ඩලයෙන් තමන්ට ලැබුණු අවස්ථාව පැහැර හැරිය එකක් නොවන බවයි.

”මාස 4 කට පස්සේ රැකියාව දමා යාමට මා ගත් තීරණය පිටත ඉඳන් බලන කෙනෙකුට ඒ තරම් හොඳ එකක් කියා පෙනෙන්නේ නෑ. ඒ වගේම ශී‍්‍ර ලංකාව පැත්තෙන් බැලූවාමත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩවිම මට වටහාගන්න පුළුවන්” යයි බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි සේවාවේ ‘රේඩියෝ 5’ සේවයට ෆාබ්‍රේස් මහතා පවසා තිබිණ.

”කොහොම වුණත් මගේම (රටේ) කණ්ඩායමත් එක්ක, මගේම රටේ, ගෙදර ඉඳන් වැඩකරන්න ලැබෙන අවස්ථාව මට පැහැර හරින්න බෑ කියලා පසුගිය සඳුදා මා ඔවුන්ට වටහා දුන්නා.”

”තමන්ගේ ජාතික කණ්ඩායමත් එක්ක වැඩකරන්න ලැබෙන එක කෙනෙකුගේ සිහිනයක් වගේ දෙයක්. එය අතිශය දුර්ලභ අවස්ථාවක් වගේම කණ්ඩායමත් එක්ක ඉන්නත් හොඳ වෙලාවක්.....බොහෝ දෙනකුගේ බලාපොරොත්තු කඩවුණා තමයි. ඒත් අඩුගණනේ මා එක්ක සාකච්ඡ කළ උදවියවත් තත්ත්වය තේරුම්ගත්තා. එහිදී දෙපැත්තම එකගතාවට ආ බව කියන්න මා කැමතියි” යයිද ෆාබ්‍රේස් මහතා වැඩිදුරටත් පවසා තිබිණ.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සමග තමන් ඇතිකරගත් සම්බන්ධතා මත (වසර 2009 ට පෙරදීත්) තවත් දින කිහිපයකින් ඔවුන්ට එරෙහිව තරග කිරීමට සිදුවන ආකාරය පිළිබඳ තමන් උනන්දුවෙන් බලා සිටින බවත් ෆාබ්‍රේස් මහතා පවසයි.

”පුහුණුකරුවෙක් නිතරම කී‍්‍රඩකයන් හා දැඩි සම්බන්ධතා පවත්වනවා. ඒත් ඔවුන්ට එරෙහිව තරග  කරන අවස්ථාවන්හිදී ඒ සම්බන්ධතා අහක දැමීමත් පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි” යයිද හෙතෙම රේඩියෝ 5 ගුවන් විදුලි සේවයට පවසා තිබිණ.

 

(අන්තර්ජාතික පුවත් සේවා ඇසුරිනි)


අදහස් (11)

මට ඒ අවස්ථාව ප‍්‍රතික්ෂේප කරන්න බැරිවුණා - ෆාබ්‍රේස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.