Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මංජුල උස පැනීමේ රන් පදක්කම දිනයි

මංජුල උස පැනීමේ රන් පදක්කම දිනයි

ශනුක අරවින්ද - 2016 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිය ආරම්භ කරමින් අද (9) පැවැති උස පැනීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා උස පැනීමේ ශූර මංජුල කුමාර සමත්විය. මීටර 2.17  ක උසක් පනිමින් රන් පදක්කම දිනා ගත් මංජුලට ඔලිම්පික් පරිසාධක මට්ටම (මීටර 2.29) ඉක්මවා යාමේ අවස්ථාව එහිදී ගිලිහී ගියේය. ඒ අනුව ඔහුට 2016 රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම සදහා තවත් තරගවලට ඉදිරිපත්වෙමින් පරිසාධක මට්ටම ලබාගත යුතුවේ.

තරගයේදී මංජුලට අභියෝගයක් වෙමින් ඉන්දීය උස පැනීමේ ක‍්‍රීඩක තේජාස්ටින් සංකර් ද මීටර 2.17 ක උසක් පැන රිදී පදක්කම හිමිකර ගත්තේය.

මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශ‍්‍රී ලංකා කණ්ඩායම් නායකයා මෙන්ම මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නායකයා වන මංජුල, සාග් ක‍්‍රීඩා උළෙලක රන් පදක්කම දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වේ.

2004 වසරේ ඉස්ලාමාබාද් නුවර පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී මංජුල රන් පදක්කම දිනා ගත් අතර ඔහු මීටර 2.20 ක උසක් පැන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලක උස පැනීමේ ඉසව්වේ වාර්තාව ද තැබීය.

මංජුල අවසන් වරට 2006 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී (මීටර 2.19) උස පැනීමේ රන් පදක්කම දිනා ගත්තේය.

-090

 


අදහස් (0)

මංජුල උස පැනීමේ රන් පදක්කම දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.