Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story භූතානය මට්ටු කළ ශ්‍රී ලංකාවට බෝනස්

භූතානය මට්ටු කළ ශ්‍රී ලංකාවට බෝනස්

editorial - 2024 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ කලාප සිව්කොන් පාපන්දු තරගාවලියේ දී භූතානය පරාජය කරමින් (2-0) හා පැපුවානිව්ගිණියාව සමග තරගය සම කරමින් (0-0) දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට රුපියල් ලක්‍ෂ 50 ක විශේෂ දිරි දීමනා ප්‍රදානයක් සිදු කෙරේ. 

ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් 23 දෙනා සඳහාම මෙම ප්‍රදානය සිදුකෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. 

ශ්‍රී ලංකාවේ දක්‍ෂතා කැපීපෙනුණු මෙම තරග දෙකේදී මුණගැසුණු ප්‍රතිවාදීන් දෙදනාම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩාත් ඉහළින්ම සිටින ප්‍රතිවාදීන් දෙදෙනෙකි. 

පෙරේදා රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාව දුටු අන්තර්ජාතික සම්මේලන කොළඹ කලාප සිව්කොන් පාපන්දු තරගාවලියේ දී පෙරේදා (25) රාත්‍රියේ පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව භූතානය පරාජයට පත් කළේ වසර 11 කට පසුවය.

වසර 2015 දී ‘‘මොස්කව්’’ ලෝක කුසලාන (2018) සුදුසුකම් මුලපුරණ ප්‍රාථමික තරග වටයේ දී ශ්‍රී ලංකාව භූතානය හමුවේ මුහුණ දුන් තරග දෙකම පරාජයවීමෙන් ශ්‍රී ලංකාවේ මොස්කව් ලෝක කුසලාන (2016) තරග සහභාගීත්වය එයින්ම අවසන් විය. 

ඒ නොවන්නට ශ්‍රී ලංකාව භූතානය හමුවේ එතෙක් කිසිදු ජාත්‍යන්තර පාපන්දු තරගයක් පරාජයට පත්ව නොතිබුණි. පෙරේදා ශ්‍රී ලංකාව වාර්තා කළ එම ජය ශ්‍රී ලංකාව වසර 2021 න් පසුව ලද පළමු ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රහණය ද වේ. 

වසර 2021 සිට ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග 17කට සහභාගීවී තිබේ. ඉන් පෙරේදා තරගය ද ඇතුළුව තරග දෙකක් පමණක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. තරග පහක් සමවෙද්දී සෙසු සියලු තරග ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබේ. එකී කාලය තුළදී විදේශීය නිත්‍ය පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සේවය ශ්‍රී ලංකාව ලබාගෙන තිබේ. 


අදහස් (0)

භූතානය මට්ටු කළ ශ්‍රී ලංකාවට බෝනස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.