Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් භානුක රාජපක්‍ෂට, සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සම්බන්ධයෙන්, වසරක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. කෙසේ වෙතත් එය වසර දෙකකට අත්හිටවූ ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව, ඔහුට ඇමරිකානු ඩොලර් 5,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 10 කට වැඩි දඩයක් නියම කර ඇත.
වසර 2019/2020 තරගවාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇතිකරගත් ගිවිසුම උල්ලංඝණය කරමින්, සමාජ මාධ්‍ය හමුවට යාම සහ අනෙකුත් මාධ්‍යයන්ට අදහස් දැක්වීම මෙම තහනම පැනවීමට හේතුවයි. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුවේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම දඩය සහ දඬුවම ස්ථිර වී තිබේ.
කෙසේ වෙතත් භානුක රාජපක්‍ෂගේම ඉල්ලීම මත, ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට දෙන ලද අවස්ථාවකින් ඔහු පසුගියදා සමත් වූයේය. එබැවින් ඔහු කොළඹදී පුහුණුවීම් කරමින් සිටින ක්‍රීඩකයන් 13 දෙනාගේ සංචිතයට ඇතුළත් කෙරෙනු ඇත. භනුක හෙට (6 වැනිදා) සිට ක්‍රීඩකයන්ගේ ජෛව බුබුලට එක්වීමට නියමිතය.
මෙම ක්‍රීඩකයන්ගේ සංචිතය (භානුක ද ඇතුළත් වීමෙන් පසුව 14 කි) ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා සූදානමින් තැබෙනු ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවකු වන, 29 හැවිරිදි භානුක රාජපක්‍ෂ, ටෙස්ට් සහ එක්දින තරග සඳහා ක්‍රීඩා කර නැතත් විස්සයි-20 අන්තර්ජාතික තරග 7 කට ක්‍රීඩා කරමින්, ලකුණු 140 ක් ලබා සිටී. විස්සයි-20 අන්තර්ජාතික ඉනිමකදී ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 77 කි.
Sk Monday, 05 July 2021 07:52 PM
කුසල්ලාට මොනවත් නෑ... කැකිල්ලේ නඩු තීන්දු මේවා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.