Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශී‍්‍ර ලංකා සීමිත ඕවර කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් දෙදෙනකු වන භානුක රාජපක්‍ෂ සහ ඇන්ජලෝ පෙරේරා අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම මේ වන විටත් තමන්ගේ තීරණ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ කී‍්‍රඩකයන් දෙදෙනාම ”පෞද්ගලික හේතූන් මත” අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගැනිමට තීරණය කර ඇති බවයි. එහෙත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිත ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙර තමන්ගේ සමුගැනීමේ ලිපි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට බාර දීමට කී‍්‍රඩකයන් දෙදෙනාම උනන්දු වී ඇති බවකි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිත ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයේදී කිලෝ මීටර 2 ක් දිවීමේ උපරිම කාලය විනාඩි 8 යි තත්පර 35 සිට විනාඩි 8 යි තත්පර 10 දක්වා අඩුකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන බවකි.
”සමහර කී‍්‍රඩකයන් ජාතික කණ්ඩායමට එක්වුණායින් පස්සේ ඒ අයගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් පවත්වාගෙන යන්න හරිම හොරයි. ඇත්තටම කියනවා නම් කම්මැළියි... මේ කම්මැළියන් හින්දා අපට තරුණ කී‍්‍රඩකයන්වත් හදාගන්න බැරි තත්ත්වයක් තියෙනවා” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ශාරීරික යෝග්‍යතා අංශයේ අයෙක් පැවසීය.
කී‍්‍රඩකයන්ගේ පුහුණුවීම් සහ පවත්වාගත යුතු තත්ත්වයන් සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ ලෝකයේ වෙනත් රටවල කී‍්‍රඩකයන් විනාඩි 8 කට වඩා අඩු කාලයකදී කිලෝ මීටර දෙකක් දිවයාමේ පරීක්‍ෂණය අවසන් කරන බවයි.
” ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩකයන් එහෙම මේ පරීක්‍ෂණය විනාඩි 7 ටත් කලින් ඉවර කරනවා. සමහර අය විනාඩි 7 යි තත්පර 40 ට විතර ඒක අවසන් කරනවා”
”ඇරත් අපි ලෝක මට්ටමේ තරගාවලි වලදී එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව වගේ කණ්ඩායම් එක්ක තරග කරන්න නම් අපිත් ඒ මට්ටමට එන්න ඕනා” යයි ද කී‍්‍රඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා තත්ත්වයන් පවත්වාගෙන යාමේ අංශයේ සේවය කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියෙක් පැවසීය.
පන්දුව හොඳින් දකින, නිර්මාණශීලී පහර ගැසීමේ හපනෙකු වන භානුක රාජපක්‍ෂ විස්සයි-20 තරග සඳහා කදිමට ගැලපෙන කී‍්‍රඩකයෙකි. තමන්ගේ හැකියාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන්නේ නම් හොඳ ටෙස්ට් පිතිකරුවකු වීමේ සහජ හැකියාවකින් ද යුතුය.
එක්දින අන්තර්ජාතික තරග 5 කදී අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 89 ක් ලබාගෙන සිටින භානුක කිසිසේත්ම තමන්ගේ හැකියාව වෙනුවෙන් සාධාරණය ඉටු කර නැත. පාසල් වියේ සිටම ඉතාමත් අලංකාර පිතිකරුවකු මෙන්ම නිදහසේ පහර කරා යාමේ සමත්කමක් ඇති භානුක රාජපක්‍ෂ දිගු ගමනක් යාමේ අවස්ථාව තිබූ කී‍්‍රඩකයෙකි. එහෙත් ඔහු අවස්ථා කිහිපයකදීම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ වලින් අසමත් වීම නිසා කණ්ඩායමේ ස්ථානය අහිමි කරගෙන තිබිණ.
විස්සයි-20 අන්තර්ජාතික තරග 18 කදී අර්ඹ ශතක දෙකක්ද ලබ සිටින නමුත් ඒවායේදීත් භනුකට ඊට වඩා වැඩි යමක් කළ හැකිව තිබිණ. සියලූම ආකාරයේ විස්සයි-20 තරග 105 කදී ලකුණු 1912 ක් ලබා සිටින භානුක එවන් තරගයකදී ලබාගත් ඉහළම ලකුණ සංඛ්‍යාව නොදැවී 96 කි.
ඇන්ජලෝ පෙරේරා එක්දින තරග 6 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 52 කි. විස්සයි-20 අන්තර්ජාතික තරග 6 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 59 කි. ඔහු සියලූම ආකාරයේ විස්සයි-20 තරග 114 කදී ලකුණු 2009 ත් ලබා සිටින අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 74 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.