Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය මංගල ටෙස්ට් තරගයේදීම, ඕවර 4 කදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගනිමින් කි‍්‍රකට් ඉතිහාස පොත අලූතින් ලියැවූ ස්කොට් බෝලන්ඩ්ගේ ටෙස්ට් දිවිය එතැනින් නිමාවන ආකාරයක් පෙනෙන්නට තිබේ. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සිටින වඩාත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් සමග තමන්ගේ ස්ථානය වෙනුවෙන් තරග වදින්නට ඔහුට දැන් සිදුව තිබේ.
යෞවනයකු නොවන ස්කොට් බෝලන්ඩ් මේ වන විට 32 හැවිරිදි වියේ පසුවෙයි.
මෙල්බර්න් ටෙස්ට් තරගය සඳහා හදිසියේම ඔහු කැඳවන ලද්දේ හිස්තැන් පිරවීමක් ලෙසිනි. ඕස්ටේ‍්‍රලියානු පිලේ සිටින වඩාත් ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නන් වන ජායි රිචඩ්සන්, ජොස් හේසල්වුඩ් සහ මයිකල් නේසර් තිදෙනාගෙන් කිසිවකු තුන්වැනි ටෙස්ට් තරගය සඳහා යෝග්‍ය තත්ත්වයක නොසිටීම හේතුවෙන් ස්කොට් බෝලන්ඩ්ට කණ්ඩායමේ 11 දෙනා අතර තැනක් ලැබිණ.
අවස්ථාවෙන් කදිම ප‍්‍රයෝජන ගත් දකුණත් වේග පන්දු යවන්නා, ඕවර 4 කදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගනිමින් මෙල්බර්න් තරගය පමණක් නොව, අළු බඳුන තරගාවලියත් ඕස්ටේ‍්‍රලියාවට දිනා දුන්නේය.
ඕස්ටේ‍්‍රලියාවේ ආදිවාසීන් වන ඇබොරිජින් ගෝත‍්‍රයට අයත් කී‍්‍රඩකයකු වන ස්කොට් බෝලන්ඞ්, මෙල්බර්න් තරගයේ වීරයාට හිමි ජොනී මුල්ලා පදක්කමද දිනාගත්තේය. එය කදිම සම්මානයකි. වසර 144 ක කි‍්‍රකට් ඉතිහාසයක් හිමි ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් කී‍්‍රඩා කළ දෙවැනි ඇබොරිජින් ගෝත‍්‍රිකයා වන්නේද බෝලන්ඩ්ය. ඔහු දිනාගත් පදක්කම තම පරපුරෙන් පැවත එන්නකි.
ජොනී මුල්ලා යනු 1868 දී එංගලන්තයේ සංචාරයක නිරත වූ සමස්ත ඇබොරිජින් කණ්ඩායමමේ නායකයාය.
මෙලබර්න් තරගයේදී, අඩුම පන්දු සංඛ්‍යාවකින් (පන්දු 19 කින්) කඩුලූ 5 ක් දවාගත් ටෙස්ට් කී‍්‍රඩකයන් තිදෙනා අතරට එක්වූ ස්කොට් බෝලන්ඞ්, මංගල තරගයේ දැක්වූ දස්කම් කුමක් වූවත්, ඊළඟ තරගය සඳහා ඔහුට අවස්ථාව ලැබීම සැක සහිත බව ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං කියයි.
”තේරෙන විදිහට නම් එයාගේ මංගල තරගය වගේම අවසන් ටෙස්ට් තරගයත් ඒකමයි.” යයි රිකී පොන්ටිං ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පැවසීය.
”ඒක හිතාගන්නත් බැරි තරම් පුදුමාකාරයි තමා. ඒත් ඇත්ත මේකයි”
”එයා (බෝලන්ඩ්) දැන් ඉන්නේ අවුරුදු 33 සීමාවේ. අරන් තියෙන්නෙත් කඩුලූ 6 යි. ඒත් හොෆ් (ජොස් හේසල්වුඩ්) ආපසු කණ්ඩායමට එන්න ඕනෑ. අනෙක තෝරා ගැනීමේ අනුපිළිවෙල බැලූවාම ජායි (රිචඩ්සන්) වඩාත් ඉදිරියෙන් ඉන්නවා”
”හේසල්වුඩ්ට කිසියම් ප‍්‍රශ්නයක් තියෙනවා නම්, රිචඩ්සන් සහ බෝලන්ඩ් දෙදෙනාගෙන් ඔවුන් කවුරු තෝරා ගනීවිද?.. ඒක විශාල ප‍්‍රශ්නයක්” යයි රිකී පොන්ටිං පවසා තිබේ.
අනෙක් අතට ඊළඟ අළු බඳුන තරගය පැවැත්වෙන්නේ දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය සිඩ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී බැවින්, පා දඟ පන්දු යවන්නා වන මිචෙල් ස්වෙප්සන් කණ්ඩායමට කැඳවීමට නායක පැට් කමින්ස් සිතා බලමින් පසුවෙයි.
එයද බෝලන්ඞ්ගේ අවස්ථාවට අභියෝගයකි.
”මම හිතන විදිහට ජායි (රිචඩ්සන්) සූදානම්. ජොෂීත් (හේසල්වුඩ්) සූදානම් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මයිකල් නේසරුත් සංචිතයේ ඉන්නවා”
”(සිඞ්නි තරගයේදී) කාට අවස්ථාව ලැබේවිද කියලා හිතාගන්න බෑ.... අනෙක ඒක (සිඞ්නි තණතීරුව) දඟ කැවෙන එකක්. මේ වෙනකොට මිචෙල් ස්වෙප්සනුත් ඉතාමත් හොඳින් පන්දු යවමින් ඉන්නවා. ඒක අතිරේක වාසියක්” යයි නායක පැට් කමින්ස් කීවේය.
ස්කොට් බෝලන්ඞ් වුවද තමුන් කී‍්‍රඩා කළේ පළමු තරගය මෙන්ම අවසාන තරගය වියහැකි බව නොදැන සිටිනවා නොවේ.
”අපි ටිකක් බලා ඉඳිමු”
”ඒත් ඊට ඉස්සරවෙලා අපි අළු බඳුන දිනාගත්ත එකේ ජය සමරමු” යයි ස්කොට් බෝලන්ඩ් කීවේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.