Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බුවනෙක ත්‍රිත්ව ශූරතා දිනාගනී
71 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය

බුවනෙක ත්‍රිත්ව ශූරතා දිනාගනී

editorial - 2023 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 71 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශුරතා දිනාගැනීමට බුවනෙක ගුණතිලක සමත් විය. බුවනෙක පිට පිටම මෙවන් දස්කමක් දැක්වූ දෙවැනි අවස්ථාව මෙය වූ අතර මින් පෙර 2022 වසර සඳහා පැවැති ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදීද ඔහු ත්‍රිත්ව ශූරතා දිනාගත්තේය.  

පිරිමි කේවල අවසන් මහ තරගයේදී තරගයේදී වට 2-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරමින් තෙවැනි වරටත් ජාතික බැඞ්මින්ටන් ශූරයා බවට පත්වූ බුවනෙක, ඉන් නොනැවතී විරේන්  සමග එක්ව පිරිමි යුගල ශූරතාවද, නටාෂා ගුණසේකර සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාවද දිනාගනිමින් ත්‍රිත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.
 
පිරිමි යුගල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ ආශිංස හේරත් පරාජය කිරීමට බුවනෙක සහ විරේන් සමත් වූ අතර මිශ්‍ර යුගල අවසන් තරගයේදී මධුක දුලාංජන සහ බුත්මි ගලගමගේ පරාජය කිරීමට බුවනෙක සහ නටාෂා සමත් වූයේ වට 2-1 ක් ලෙසිනි. 

කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ලෙස වරංගනා ජයවර්ධන පරාජය කළ රනිත්මා ලියනගේ, පිට පිටම දෙවැනි වරටත් ජාතික බැඞ්මින්ටන් ශූරිය බවට පත්වූවාය. කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට ජනනුවනි අමන්දි සහ හසාරා විජේරත්න සමත් වූයේ වට 2-0 ක් ලෙස දිලිනි අම්බලන්ගොඩ සහ රනුමි මානගේ පරාජය කරමනි. 

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් මහතා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ශෙමාල් ප්‍රනාන්දු මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා ක්‍රීඩා සංගම් බැඞ්මින්ටන් ක්‍රීඩාංගණ්යේදී,සහ ඩී.එස්. සේනානායක විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000 කට වැඩි පිරිසක් සහභාගි වූහ. 


විවෘත තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
බුවනෙක ගුණතිලක විසින් තරග වට 2-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරන ලදි. (21/16, 21/07)
 
පිරිමි යුගල 
බුවනෙක ගුණතිලක සහ විරේන් නෙත්තසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ ආශිංස හේරත් පරාජය කරන ලදහ. (21/15, 23/21) 

කාන්තා කේවල 
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස වරංගනා ජයවර්ධන  පරාජය කරන ලදි. (21/10, 21/06) 

කාන්තා යුගල 
ජනනුවනි අමන්දි සහ හසාරා විජේරත්න විසින් තරග වට 2-1 ක් ලෙස දිලිනි අම්බලන්ගොඩ සහ රනුමි මානගේ පරාජය කරන ලදහ. (15/21, 21/09, 21/18)

මිශ්‍ර යුගල 
බුවනෙක ගුණතිලක සහ නටාෂා ගුණසේකර විසින් තරග වට 2-1 ක් ලෙස මධුක දුලාංජන සහ බුත්මි ගලගමගේ පරාජය කරන ලදහ. (21/13, 15/21, 21/18) 

 

පිරිමි කේවල ශූරතාව - බුවනෙක ගුණතිලක

 

කාන්තා කේවල ශූරතාව - රනිත්මා ලියනගේ

 


අදහස් (1)

බුවනෙක ත්‍රිත්ව ශූරතා දිනාගනී
  • priyantha Wijeratne Wednesday, 13 December 2023 10:04 AM

    සුබපැතුම් බුවනෙක... ඊළඟ වතාවේ මමත් සටනක් දෙනවා. හැමෝටම ස්තුතියි මේක සාර්ථක කරගන්න උදව් කළ එකට... සුබපැතුම්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.