Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත පසුපෙළ පිතිකරුවන් හා එක්වූ ගැරී බැලන්ස් (නොදැවී 104) හත්වැනි සහ අටවැනි කඩුලු වෙනුවෙන් ගොඩනැංවූ සාර්ථක සම්බන්ධතා නිසා දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් දැවී ලකුණු 267 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 389 කින් ඉදිරියට පැමිණියේය.
ලන්ඩන් නුවර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු 575 ට පිළිතුරු සොයා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ සිවුවැනි දිනය වන අද (15 වැනිදා) පෙරවරුවේදී ලකුණු 453 කට දැවී ගියේය. ඒ අනුව එංගලන්ත පිලට මුල් ඉනිමේදී ලකුණු 122 ක මුල් ඉනිමේ වාසියක් අත්විය.
එංගලන්ත දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාවත් සමගින් මෙම තරගයෙන් ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ලකුණු 390 ක් ලබාගත යුතුය. නැතහොත් එංගලන්ත පිලේ ජය වැළැක්වීම සඳහා දිනය පුරාම කඩුලු 10 ක් ආරක්ෂා කරගත යුතුය.
රංගන හේරත්ගේ පන්දුවක් මිඩ් විකට් කලාපයට ඉහළින් නරඹන්නන් අතරට යවමින් තම ශතකය ලබාගත් ගැරී බැලන්ස් එංගලන්ත දෙවැනි ඉනිමේ නැංගුරම බවට පත්විය. පන්දු 188 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 12 ක්ද සිය ඉනිමට ඇතුළත් කළේය.
දෙවැනි ඉනිමේ ලකුණු 121 කට කඩුලු 6 ක් බිඳ වැටී තිබියදී ක්‍රිස් ජෝර්ඩ්න් සහ ගැරී බැලන්ස් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. අනතරුව ස්ටුවර්ට් බ්‍රෝඩ් (24) සමග එක්වූ බැලන්ස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 57 ක් එක්කිරීමට සම්මාදම් විය.
බැලන්ස් ශතකය ලබාගන්නා තුරු දෙවැනි ඉනිම නතර කිරීම ප්‍රමාද කළ එංගලන්ත නායකයාට ඒ සඳහා අවසන් ඕවරය වන තුරුත් බලා සිටීමට සිදුවිය.
පන්දු තුනකින් කඩුලු දෙකක් දවාගත් රංගන හේරත් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ශ්‍රී ලංකාව පීඩනයට පත්කිරීමට සූදානම් වූ එංගලන්තය හදිසියේම පසුපාදයට ඇද දැමීමට සමත් විය. එංගලන්ත දෙවැනි ඉනිමේ 26 වැනි ඕවරය නිසා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 94 ක් සේ කියැවුණු එංගලන්ත ලකුණු පුවරුව ඕවර දෙකක ඇවෑමෙන් කඩුලු 5 කට 102 ක් ලෙස වෙනස් කිරීමට හේරත්ට හැකිවිය..
පළමු දින තුනේදීම පිතිකරුවන්ගේ අණසකට යටත්ව පැවැති මෙම තරගයේ අද දින දිවා ආහාරයෙන් පසුව රංගන හේරත් සහ ශමින්ද එරංග දෙදෙනා දැක්වූ දස්කම් හේතුවෙන් තරගය කිසියම් විසඳුමක් ලැබෙන ඉසව්වක් කරා ඇදී ගොස් තිබිණ. දිනයේ බිඳවැටුණු කඩුලු 8 න් 7 ක් බෙදාහදා ගත් රංගන හේරත් සහ ශමින්ද එරංග ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ නමුත් මුල් ඉනිමේදී අත්කරගත් ලකුණු 122 ක වාසිය නිසා එංගලන්ත පිල මේ වන විට ඉතාමත් ආරක්ෂාකාරී තත්ත්වයක සිටී,.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 453 ක් දක්වා කැඳවාගෙන ඒමේදී විශිෂ්ට දායකත්වයක් දැක්වූ කුමාර් සංගක්කාර (147) මෙන්ම නායක ඇන්ජලෝ මැතිව්ස් (102) දෙදෙනාම ශතක ලබාගනිමින් ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ විදෙස් කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයේ පිහිටි සුවිශේෂී පුවරුවට සිය නම් ඇතුළත් කරගත්හ.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ ‘මක්කම’ ලෙසින් හැඳින්වෙන ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් ශතකයක් ලබාගන්නා විදෙස් පිතිකරුවන්ගේ නම් සංචාරක කණ්ඩායමේ කී‍්‍රඩක විවේකාගාරයේ පිහිටි සුවිශේෂී පුවරුවක සටහන් කෙරෙන අතර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතළොස්ස අතරට එක්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
සිදත් වෙත්තමුණි, දුලිප් මෙන්ඩිස් සහ අමල් සිල්වා ලෝඞ්ස්හිදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම ශතක ලබාගත් සෙසු ශී‍්‍ර ලාංකික පිතිකරුවෝ වෙති.
ශී‍්‍ර ලංකා පිලේ හත්වැනි කඩුල්ලත් ලකුණු 413 දී බිඳ වැටීමෙන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් සමග එක්ව එංගලන්ත පිලේ වාසිය අවම කිරීම සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රබල සටනක නිරත විය. ඒ අතරවාරයේදී ලෝඞ්ස් පිටියේදී ලබාගත් සිය මංගල ශතකය සඳහා පන්දු 171 කට මුහුණ දෙමින් එයින් 12 ක් හතරේ සීමාවට යැවූ මැතිව්ස් ශතකය ලබාගැනීමෙන් පසුව ලයාම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී ගියේය. විනිසුරු තීරණ විමසීමේ සහාය ලබාගත් නමුත් ශී‍්‍ර ලංකා නායකයා දැවී ගිය බව සනාථ කෙරිණ.
ශී‍්‍ර ලංකා ඉනිම නිමා වූයේ නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු ඉතා අවාසනාවන්ත ආකාරයෙන් කඩුල්ල මත ඇද වැටීමෙනි.
කි‍්‍රස් ජෝර්ඞ්න්ගේ කෙටි පන්දුවකින් ගැලවීමට උත්සාහ කිරීමේදී පැයට කිලෝ මීටර 80 කට වැඩි වේගයෙන් පැමිණි පන්දුව නුවන් ප‍්‍රදීප්ගේ දකුණු උරහිසේ වැදිණ. මහත් වේදනාවෙන් කැරකී ගිය පිතිකරුවා සිය සමබරතාව පවත්වාගත නොහැකිව ඇද වැටෙද්දී පිත්ත කඩුල්ලේ වැදිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.