Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බාබර් අභියෝගාත්මක ඉලක්කයක් සොයයි

බාබර් අභියෝගාත්මක ඉලක්කයක් සොයයි

editorial - 2021 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාබර් අසාම් ලබාගත් සටන්කාමී අර්ධ ශතකය හේතුවෙන් ජැමෙයිකාවේ සබීනා පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අභියෝගාත්මක ඉලක්කයක් කොදෙව්වන් වෙත දීම සඳහා පාකිස්තානුවෝ බලාපොරොත්තු සහගතව සිටිති. සත්කාරක කොදෙව් පිලට මුල් ඉනිමේදී ලැබුණේ ලකුණු 36 ක කුඩා වාසියකි. එහෙත් සිය දෙවැනි ඉනිමේදී කඩුලු 5 කට ලකුණු 160 ක් ලබාසිටින පාකිස්තානු කණ්ඩායම මේ වන විට කොදෙව් පිලට වඩා ලකුණු 124 ක් ඉදිරියෙන් පසුවෙයි.

මෙම තරගයේ තීරණාත්මක සාධකය වන්නේ කොදෙව් පිලට පන්දුවට පහර දීමට සිදුවන්නේ සිව්වැනි ඉනිමේදී වන බැවිනි. මේ වන විට නායක බාබර් අසාම් (නොදැවී 54) සහ ෆහීම් අශ්රෆ් (නොදැවී 12) පිටියේ රැඳී සිටිති.

පැය 4 කට වැඩි කාලයක් පිටියේ රැඳුණු බාබර් අසාම්, තමන්ට සුපුරුදු පහර පසෙකින් තබා පන්දු 139 ක් තිස්සේ ප්‍රවේසමෙන් පන්දුවට පහර දුන්නේය. කෙසේ වෙතත් දුර්වල පන්දුව දුටුතැන පහර දුන් බාබර් අසාම්ගේ ඉනිම හතරේ පහර 7 කින් සන්නද්ධ විය. ෆහීම් අශ්රෆ්ද එවැනිම විමසිල්ලකින් පන්දුවට පහර දුන් නමුත් තුන්වැනි ස්ලිප් හි සිටි ජර්මේන් බ්ලැක්වුඞ් පහසු උඩපන්දුවක් බිම දැමීම හේතුවෙන් ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලැබිණ.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ වැඩි වේලාවක් වර්ෂාවෙන් බාධා ඇතිවිය. එබැවින් තේ පානයෙන් පසුව තරග කාලය දීර්ඝ කරන ලදි.

මෙම කාලයේදී  නායකයා සහ මොහොමඞ් රිස්වාන් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකින් රිස්වාන් ලකුණු 30 කට දැවී ගිය ඇසිල්ලේම ෆාහිම් අශ්රෆ්ද දවාගත්තේ නම් කොදෙව් පිලට තරගයේ වාසිය ඇදගත හැකිව තිබිණ.

පාකිස්තානයේ නිදහස් දිනය වූ ඊයේ සාර්ථක ආරම්භයක් ලබාගත් ශහීන් ෂා අෆ්රීඩි, කොදෙව් පිලේ අවසන් කඩුලු දෙකම ඉක්මනින් දවාගනිමින් කොදෙව් ඉනිම ලකුණු 253 කට සීමා කළේය. එහෙත් එම සාර්ථකත්වය පැවැතියේ ටික වේලාවකි. දිවා ආහාරයට පෙර කෙමර් රෝච් යැවූ පන්දුවාර දෙකකදී පාකිස්තානු පිතිකරුවන් වූ ඉම්රාන් බට් සහ අසාර් අලී දෙදෙනාම දැවී ගියහ.

ෆවාඞ් අලාම්ගේ දැවීයාමත් සමගින් පාකිස්තානයේ 4 වැනි කඩුල්ලත් ලකුණු 65 දී බිඳවැටීම සංචාරකයන්ගේ කාමරය සසළ කළේය. දිවා ආහාරයට පෙර සහ පසුව, පාකිස්තානු කඩුලු 3 ක් ලකුණු 9 ක් ඇතුළතදී බිඳ වැටිණ. එහෙත් බාබර් අසාම් තම කණ්ඩායම ලකුණු 160 ක් දක්වා ඇදගෙන ගියේ අභියෝගාත්මක ඉලක්කයක් එල්ල කිරීමේ අවස්ථාව ඉතිරි කරගනිමිනි.

කොදෙව් වේග පන්දු යවන්නා වන ජේඞ්න් සීල්ස් පවසන්නේ ලකුණු 170 ත් 200 ත් අතර ඉලක්කයක් ලැබේ නම් තරගයෙන් ජයගැනීමට තමන්ට හොඳ අවස්ථාවක් ඇති බවයි. පාකිස්තානය සතුව මේ වන විටත් ලකුණු 124 ක වාසියක් තිබේ. ඉතිරිය ඇත්තේ පිතිකරුවන් අතය.

    
පාකිස්තානය - පළමු ඉනිම 217 යි
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 253

(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 97, රොස්ටන් චේස් 21, ජර්මේන් බ්ලැක්වුඞ් 22, ජේසන් හෝල්ඩර් 58, ජොෂුවා ද සිල්වා 21, කෙමර් රෝච් 13, මොහොමඞ් අබ්බාස් 43/3, ශහීන් ෂා අෆ්රීඞ් 59/4)

පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 5 ට 160 යි
(අබීඞ් අලී 34, අසාර් අලී 23, බාබර් අසාම් නොදැවී 54, මොහොමඞ් රිස්වාන් 30, ෆහීම් අශ්රෆ් නොදැවී 12, කෙමර් රෝච් 15/2, ජේඞ්න් සීල්ස් 50/2)

- 213

 


අදහස් (0)

බාබර් අභියෝගාත්මක ඉලක්කයක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.