Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (4 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියේය.
වර්ෂාව හේතුවෙන් ඕවර 58 ක් අවසානයේ තරගය නතර කෙරුණ අතර දිගින් දිගටම වර්ෂාව ඇද හැළීම හේතුවෙන් යළිත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.
තරගය නතර කරන විට බාබර් අසාම් හතරේ පහර 12 ක් සමග ලකුණු 77 ක්ද, ෆවාඩ් අලාම් හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක්ද ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනඟා තිබුණ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 123 කි.
ආරම්භක පිතිකරු ඉම්රාන් බට් ලකුණු 15 කටත්, අසාර් අලී ලකුණු ලබාගැනීමට පෙරාතුවත් දවාගත් කේෂව් මහරාජ් ආරම්භයේදීම පාකිස්තාන කණ්ඩායම අමාරුවේ දැමුවේය. මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට තෙවැනි කඩුල්ල ලෙස ඇන්රික් නෝයේගේ පන්දුවක් හමුවේ ඒඩ්න් මාක්‍රම් අතට උඩ පන්දුවක් දෙමින් අබීඩ් අලී දැවී ගියේ පාකිස්තාන කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනි.
එහෙත් ෆවාඩ් අලාම් සහ බාබර් අසාම් එක්ව පාකිස්තානු ඉනිමට සවිමත් මුක්කු දෙකක් ගසමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ තර්ජනය මොට කර දැමූහ.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 145
(ඉම්රාන් බට් 15, බාබර් අසාම් නොදැවී 77, ෆවාඩ් අලාම් නොදැවී 42, කේෂව් මහරාජ් 51/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.