Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බාබඩොස් පරාජය කර නින්දාවෙන් ගැළවෙයි

බාබඩොස් පරාජය කර නින්දාවෙන් ගැළවෙයි

editorial - 2023 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බාබඩෝස් ලකුණු හතරකින් (60-56) පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ‘කේප්ටවුන්’ නුවරදී දැන් පැවැත්වෙන 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේය. ලකුණු 15/15- 15/11- 13/22- 17/8ක් ලෙස මෙම තරගයේ වට හතර දෙපිලටම දෝලනය වෙමින් තිබියදී මෙම තියුණු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒ දක්වා මුහුණ දුන් තරග හතරකින්  පරාජයට පත්ව තිබියදී බාබඩෝස් පෙරේදා (2) පරාජයට පත් කිරීමට සමත්වීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලද අස්වැසිල්ලකි.

ඒ අනුව දින දෙකක් ඉක්මයාමට මත්තෙන් ශ්‍රී ලංකාවට අද (4) සිංගප්පූරුව යළිත් තරගාවලියේ මුණගැසේ. සඳුදා (31) පැවති ශ්‍රේණිගත තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ (55-52) බැවින් අද තරගයේදී සිංගප්පූරුව පරාජය කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට රටවල් 16කින් 15වැනි ස්ථානය ලැබීමට සිදුවන අතරම සිංප්පූරුවට දෙවතාවක්ම පරාජය වීමේ අවමානයටද මුහුණදීමට සිදුවනු ඇත.

එහි අවමානය වඩාත් දැඩි වන්නේ වසර 2022 සැප්තැම්බර් මාසයේදී පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව කුසලාන දිනා ගැනීමේ දී සිංගප්පූරුව  දෙවතාවක්ම පරාජයට පත් කළ බැවිනි.

මේ අතර අඟහරුවාදා (1) පැවති මූලික වටයේ තරගයක දී සිම්බාබ්වේ ක්‍රීඩිකාවෝ ලකුණු 71-36ක් ලෙස ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජයට පත් කිරීමට සමත් වූහ.

එංගලන්තය හා නවසීලන්තය අතර ද ඕස්ට්‍රේලියාව හා ජැමෙයිකාව අතර ද අවසන් පූර්ව තරග හෙට (5) පැවැත්වෙන අතර අවසන් මහ තරගය ඉරිදා (6)  පැවැත්වේ.

1963 තරගාවලිය ආරම්භයේ පටන් මේ දක්වා අඛණ්ඩවම ලෝක කුසලාන තරගාවලි 15ක අවසන් මහ තරගයට නිර්දේශ ලැබීමෙන් ඕස්ට්‍රේලියාව වාර්තාවක් පිහිටුවා තිබේ. කෙසේ වුවත් පිට පිටම  තෙවතාවක්ම කුසලාන දිනා සිටි ඕස්ට්‍රේලියාව ලිවර්ෆුල් හිදී පැවැති 15 වැනි (2019) තරගාවලියේ අවසන් මහ තරගයෙන් එක් ලකුණකින් පරාජය කරමින් (52-51) නවසීලන්තය එවර කුසලාන දිනීය.


අදහස් (0)

බාබඩොස් පරාජය කර නින්දාවෙන් ගැළවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.