Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේ එන ශ්‍රී ලංකා සංචාරය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මනා සූදානමක් ලබාගැනීමේ අවස්ථාවක් කරගන්නා බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පවසයි. ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණික තත්ත්වයත් සමාන වීම ඊට හේතුව බවද බවුමා කියයි.
එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය ලබන 2 වැනිදා කොළඹදී ආරම්භ වීමට නියමිතය.
දකුණු අප්‍රිකානු පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයෝ වැඩි දෙනෙක එක්කෝ විවිධ ශාරීරික ආබාධයන්ට ලක්ව සිටිති. නැතහොත් විවේක ගන්වා සිටිති. ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනකු වන ක්වින්ටින් ඩි’කොක් සහ ලුන්ගි න්ගිඩි ගෙදර තියා එන දකුණු අප්‍රිකානු පිලට එක්දින තරගාවලියේදී ප්‍රවේගකාරී පිතිකරුවකු වන ඬේවිඞ් මිලර්ගේ සේවයද අහිමි වෙයි. ශාරීරික ආබාධයකට ලක්ව සිටින මිලර් ඇතුළු තිදෙනාම සැප්තැම්බර් 10 වැනිදා සිට ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී සංචාරක කණ්ඩායමට එක්වනු ඇත.
“ඉස්සරවෙලා තියෙන්නේ එක්දින තරගාවලියක් තමා. ඒත් ඒකත් ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ පිබිදීමක් කරගන්න අපි කැමතියි. එයින් අපේ විශ්වාසනීයත්වය වර්ධනය කරගන්නත්, අපේ ක්‍රීඩා රටාව ගොඩනඟාගන්නත් පුළුවන්” යයි දකුණු අප්‍රිකානු නායකයා වැඩිදුරටත් කීවේය.
“ විශේෂයෙන්ම අපේ පිතිකරුවන් ඒ වගේ පීඩනයකට යටත් වීමත් එක්තරා අන්දමකින් හොඳයි. මෑත කාලයේදී අපේ දස්කම් දිහා බැලුවොත් පන්දු යවන්නන් තමයි හොඳින් සෙල්ලම් කරලා තියෙන්නේ”
“දැන් පිතිකරුවන් ඒ අවස්ථාව ලබාගත්තා නම් හරි. දැන් ඔවුන්ටම සිදුවෙනවා තම තමන්ගේ තරම උරගා බලන්නට. අපි එතැනට (විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට) යනකොට අපි බලාපොරොත්තු වන්නේ එහි (ඩුබායි, අබුඩාබි සහ සාජා) තත්ත්වයත් ශ්‍රී ලංකාවට සමාන වීමයි” යයි ශ්‍රී ලංකා සංචාරය බලා පිටත්වීමට පෙර දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා මාධ්‍ය නියෝජිතයන්ට කීවේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමිනි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (සඳුදා) ජොහැන්නස්බර්ග් නුවරින් කොළඹ බලා පිටත්වීමට නියමිතව සිටියේය.
පිටත්වීමට පෙර සිය කණ්ඩායමේ සිටි ජූනියර් දාලා ඉවත්කළ දකුණු අප්‍රිකානුවෝ ඔහු වෙනුවට ලූතෝ සිම්පාලා ඇතුළත් කළහ. ජූනියර් දාලාට කොරෝනා වයිරසය අසාදනය වී තිබිණ.
බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම දින තුනක් නිරෝධායනය වනු ඇත. 29 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කෙරෙන අතර පළමු එක්දින තරගය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වේ.
- 213
ජනක Tuesday, 24 August 2021 07:07 PM
දකුණු අප්‍රිකාවේ ඉඳලා එන්න දවස් 4ක් යනවද ලංකාවට...?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.