Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බවුකේ මෝලෙමා 14 වැනි අදියර ජයගනී

බවුකේ මෝලෙමා 14 වැනි අදියර ජයගනී

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 14 වැනි අදියර ජයගැනීමට නෙදර්ලන්තයේ බවුකේ මෝලෙමා ඊයේ (10 වැනිදා) සමත් විය. කර්කසෝන් නගරයේ සිට ක්විලන් නරගය දක්වා වූ එම අදියර කිලෝ මීටර් 183.7 දුරකින් සමන්විත වූ අතර එය නිමා කිරීම සඳහා මෝලෙමාට ගත වූ කාලය පැය 4 යි, විනාඩි 16 යි, තත්ත්පර 16 කි.

තිස්හත් වැනි වියේ පසුවන මෝලෙමා ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් දෙවැනි අවස්ථාව මෙය විය. අවසන් වරට ඔහු ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගෙන තිබුණේ 2017 වසරේදීය. මින් පෙර 2013 වසරේදී පැවැති ස්පාඤ්ඤ පාපැදි සවාරියේ අදියරක් ජයගැනීමටද මෝලෙමා සමත්වී ඇත.

මෙම අදියර ජයගැනීමට මෝලෙමා සමත් වූයේ සෙසු තරගකරුවන්ට වඩා විනාඩියකට වැඩි පරතරයක් තබාගනිමින් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. මොලේමාට වඩා විනාඩි 1 යි, තත්ත්පර 04 ක් පසුපසින් තරගය නිමා කළ ඔස්ට්‍රියාවේ පැට්රික් කොන්රාඩ් සහ කොලොම්බියාවේ සර්ජියෝ හිගුයිටා පිළිවෙලින් දෙවැනියා සහ තෙවැනියා ලෙස 14 වැනි අදියර නිමා කළහ.

14 වැනි අදියර ජයගැනීමට මෝලෙමා සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත්ව විය. ඒ අනුව ඔහු අද (11 වැනිදා) තරගයේ 15 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 14 නිමා කිරීම සඳහා පො‍ගාකාර්ට පැය 56 යි, විනාඩි 50 යි, තත්ත්පර 21 ක කාලයක් ගත වී ඇත.

පොගාකාර්ට වඩා විනාඩි 4 යි තත්පර 04 ක් පසුපසින් සිටින ප්‍රංශයේ ගුයිලුම් මාටින් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 18 ක් පසුපසින් සිටින කොලොම්බියා‍වේ රිගෝබර්ටෝ යුරන් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් සිවුවැනි ස්ථානයට පත්ව ඇත්තේ පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 32 ක් පසුපසින් සිටිමිනි.

14 වැනි අදියරේ ජයග්‍රාහකයන් ‍‍

1 බවුකේ මෝලෙමා (නෙදර්ලන්තය) - පැය 4:16:16
2 පැට්රික් කොන්රාඩ් (ඔස්ට්‍රියාව) - පැය 4:17:20
3 සර්ජියෝ හිගුයිටා (කොලොම්බියාව) - පැය 4:17:20
4 මාටියා කැටානියෝ (ඉතාලිය) - පැය 4:17:22
5 මයිකල් වුඩ්ස් (කැනඩාව) - පැය 4:17:26
6 ඕමාර් ෆ්‍රේල් (ස්පාඤ්ඤය) - පැය 4:17:41
7 එලී ගැස්බර්ට් (ප්‍රංශය) - 4:17:41
8 ක්වෙන්ටින් පැචර් (ප්‍රංශය) - පැය 4:17:41
9 ලුවිස් ‍ම‍යින්ටීස් (දකුණු අප්‍රිකාව) - පැය 4:17:42
10 එස්ටෙබන් චේව් (කොලොම්බියාව) - පැය 4:17:44

 

සමස්ත තරගයේ ප්‍රතිඵලය

1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 56:50:21
2 ගුයිලුම් මාටින් (ප්‍රංශය) - පැය 56:54:25
3 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 56:55:39
4 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - 56:55:53
5 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 56:55:54
6 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 56:56:19
7 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 56:56:37
8 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 56:56:51
9 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 56:57:32
10 මාටියා කැටානියෝ (ඉතාලිය) - පැය 57:00:09

-036


අදහස් (0)

බවුකේ මෝලෙමා 14 වැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.