Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජොස් බට්ලර් කී‍්‍රඩා කළ ආකාරය අනුව ඔහු පරාජිත පිලේ සිටිය යුතු කී‍්‍රඩකයකු නොවන බව එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පවසයි. ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊයේ (31 වැනිදා) ලෝඞ්ස් පිටියේදී පැවැති සිවුවැනි එක්දින තරගයේදී පන්දු 74 කින් ලකුණු 121 ක් ලබාගත් ජොස් බට්ලර්ට තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යා නොහැකි වූ නමුත් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට එම දස්කම් ප‍්‍රමාණවත් විය.
ලකුණු 301 ක ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත පිල ලකුණු 111 කට කඩුලූ 5 ක් බිඳ වැටී අසරණ වී සිටි අවස්ථාවේදී පිටියට පැමිණි ජොස් බට්ලර්, සිය මංගල එක්දින ශතකය සඳහා මුහුණ දුන්නේ පන්දු 61 කට පමණි. එය එංගලන්ත පිතිකරුවකු විසින් එක්දින තරගයකදී ලබාගත් වේගවත්ම ශතකයද විය.
ඔහුට පෙර එංගලන්ත පිල වෙනුවෙන් ලබාගත් වේගවත්ම ශතකයේ වාර්තාව 2005 දී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පන්දු 69 කින් ශතකයක් ලබාගත් කෙවින් පීටර්සන් සතුව තිබිණ. වසර 39 කට පෙර, 1975 දී, කොදෙව් නායක ක්ලයිව් ලොයිඞ් විසින් පන්දු 82 කින් ශතකයක් ලබාගනිමින් ලෝඞ්ස් පිටියේදී පිතිකරුවකු ලබාගත් වේගවත්ම ශතකයේ වාර්තාවද ඊයේ තමන් සතුකරගැනීමට බට්ලර් සමත් විය.
ලැන්කෂයර් ප‍්‍රාන්ත පිල නියෝජනය කරමින් එංගලන්ත පිලට එක්වූ 23 හැවිරිදි කඩුලූ රකින්නා අවසන් ඕවරය දක්වාම සිය සටන ගෙන ගිය නමුත් අවසන් ඕවරයේදී දුවද්දී දැවී ගිය බැවින් ශී‍්‍ර ලංකා පිලට ලකුණු 7 ක ජයක් හිමිවිය. බට්ලර්ගේ පන්දු 74 ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.
”ඒක මහ පුදුමාකාර ඉනිමක්. ඔහු පරාජිත පිලේ ඉන්න සුදුසු කෙනෙක් නොවෙයි” යයි එංගලන්ත නායකයා පැවසීය.
”එය මා දුටු විශිෂ්ටතම ඉනිමක්...බට්ලර් කියන්නේ ඒ තරම් විශාල සිරුරක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒත් ඔහුගේ තියෙන ක්ෂණිකව ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ටෙනිස්, බැඞ්මින්ටන් නැතහොත් මේස පන්දු කී‍්‍රඩකයන් සතු හැකියාවට සමානයි”
”ඒත් ඔහු පිත්ත ඉතා වේගයෙන් පන්දුව කරා ගෙන ඒමට බලය ලබාගැනීමට සමත් වෙනවා. ඔහු ඒ බලය ලබාගන්නේ කොහෙන්ද කියා නම් මා දන්නේ නෑ” යයිද කුක් පැවසීය.
”ඔහු පිටියට එනවා නම් ඔබ තරගයෙන් පරාජය වීමක් ගැන හිතන්නේ නෑ. ඔහුට ඒ තරම් අපූරු නෙත් - අත් සහසම්බන්ධතාවක් තිබෙනවා. ඒ වගේම ඔහු පන්දුවට පහර දෙන අවස්ථාවලදී ඔහුගේ හිස නිසලව තිබීමත් පුදුම සහගතයි” යයිද කි‍්‍රකට් කී‍්‍රඩාවේ සම්මත ආකාරයේ ආරම්භක පිතිකරුවකු වන එංගලන්ත නායකයා පැවසීය.
බට්ලර්ගේ ඉනිම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ද ප‍්‍රසාදය පළකර සිටියේය.
”ජොස් කී‍්‍රඩා කළේ ඇදහිය නොහැකි ඉනිමක්. ඔහු අපව විනාශ කරන්න හැදුවා. තරගය අපෙන් ඉවතට ඇදගෙන ගියා”
” ඕනෑම වෙලාවක පන්දුව පිට්ටනියෙන් එළියට යන්න ගහන්න ඔහුට පුළුවන්. ඔහු අති දක්‍ෂ තරුණ කී‍්‍රඩකයෙක්...ඔහු පන්දුවට පහර දුන්නේ හරියට ඔහුගේ ජීවිතය ඒ මත රැඳී තියෙන්නා වාගේ” යයිද මැතිව්ස් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.