Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට එරෙහිව තීරණාත්මක තරගය හෙට

බංග්ලාදේශයට එරෙහිව තීරණාත්මක තරගය හෙට

editorial - 2021 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ මාලේ නුවර සිට)

ශ්‍රී ලංකාවේ ගමනාන්තයට අතිශයින් තීරණාත්මක බංග්ලාදේශයට එරෙහිව හෙට (1) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරැ 4.30 ට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ‘මාලේ’ නුවරදී ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලියේ සහභාගිත්වය මුලපුරයි තරගාවලියේ අරම්භක තරගය ලෙස දෙරට අතර මෙම තරගය අද ‘මාලේ’ නුවර ජාතික පාපන්දු ක්‍රිඩාංගණයේදී පැවැත්වේ. 

සංශෝධිත තරග කාල සටහනට අනුව තරගාවලිය ආරම්භ වන අද දිනයේදී සත්කාරක මාලදිවයින හා නේපාලය අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.30 ට දෙවැනි තරගය පැවැත්වීමට නියමිතය. සෞදියේදී යේදී පුහුණුවීම් ලබා තරගාවලියට සහභාගිවීම සඳහා එහි සිට කෙළින්ම මාලේ නුවර බලා පැමිණි සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ජුනි 9 වැනිදා දකුණු කොරියාවට එරෙහිව අවසන් ජාත්‍යන්තර පාපන්දු තරගයට සහභාගි වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව ගෝල 5-0 ක පරාජයක් ලැබීය. ඊට පෙර ජුනි 5 වැනිදා ලෝක කුසලාන (2022) පූර්ව සුදුසුකම් ලැබීමේ තරග වටයේදීම ලෙබනනයට එරෙහිවත් ගෝල 3-2 ක පරාජයක් ලබා තිබේ. දකුණු ආසියාවේ පසුබෑමකට ලක්ව සිටින දෙපිලක් අද රාත්‍රියේ මාලේ නුවරදී තරගවැදීමේදී ජයග්‍රහනය මෙම දෙපිලටම එක හා සමාන වැදගත්කමක් ගෙන තිබේ.

අද මුහුණට මුහුණ මුණගැසෙන මෙම දෙපිල අතරින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයෙත් බංග්ලාදේශය 189 වැනි ස්ථානයෙත් පසුවේ. බංග්ලාදේශය මෙම වසරේදී මෙතෙක් මුහුණ දුන් ජාත්‍යන්තර පාපන්දු තරග නවයකදී එකම ජයග්‍රහනය වාර්තා කර ඇත්තේ කිරිකිස්ථාන කණ්ඩායමට එරෙහිව ගෝල 1 - 0 ක් ලෙසිනි. නේපාලය හා ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග දෙකක් ජයපරාජයෙන් තොරව අවසන් කරන බංග්ලාදේශය ඉතිරි තරග පරාජයට පත්ව තිබේ. 

2020 - 21 සමයේදී ශ්‍රී ලංකාව සහභාගි වී ඇත්තේ ජාත්‍යන්තර තරග පහක් පමණි. බංග්ලාදේශය අවසන් වරට 2020 ජනවාරි 19 වැනිදා බන්ගබන්දු කුසලාන තරගාවලියේදී මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව 3-0 කින් පරාජයට පත්ව තිබේ. 2019 දෙසැම්බර් මාසයේදී පැවති කත්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේ වයස 23 න් පහළ පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ගෝල 1-0 කින් පරාජයවීමද මෙහිලා සිහිපත්වේ.

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව අවසන් ජය 2018 අගෝස්තු 29 වැනිදා සුහද තරගයකදී ලබා ඇත්තේ ගෝල 1-0 කටය ඒ අතරම ශ්‍රී ලංකාවේ අවසන් ජාත්‍යන්තර පාපන්දු තරග ජයත් එය ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකාව 2022 ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයට ප්‍රවේශ වූයේ මැකවෝ රාජ්‍යයට එරෙහිව නිතරග ජයක් ලබමිනි. ඊට හේතුව ශ්‍රී ලංකාවේ සත්කාරය පිළිගැනීම එරට ප්‍රතික්ෂේප කළ බැවිනි.

කෙසේ වුවත් වසර 2019 මැයි 31 වැනිදා පැවති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය ලාඕසයට එරෙහිව ගෝල 2-2 කට සම කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. පසුගිය දශකයක කාලය තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ තරග 60 කට සහභාගි වී තිබේ. එහිදී නිතරග ජයක් ද ඇතුළුව තරග නවයක් පමණක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. තවත් තරග අටක් ජයපරාජයෙන් තොරව අවසන් කර ඇත.‍

ශ්‍රී ලංකාව වසර 2011 න් පසුව භූතානයට එරෙහිව මේ දක්වා ජයක් වාර්තා කිරීමටද සමත්ව නැත. පසු කාලීනව භූතානය ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත්වීම විග්‍රහ වන්නේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ කඩාවැටීම තීව්‍ර කිරීමක් ලෙසය.

මේ අතර වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සේවය කරන බොස්නියානු පුහුණුකරු අමීර් ඇලජික් මහතා පූර්ණ ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වන පළමු අවස්ථාව ‘මාලේ ’ නුවරදී උදාවී තිබේ. කොවිඩ් වසන්ගතය හමුවේ ඔහුගේ ශ්‍රී ලංකාවේ සේවය වඩාත් සීමා වුණු අතර එහි ප්‍රතිඵලය ඔහුට අද (01) වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවීමට හැකි වූයේ ජාත්‍යන්තර පාපන්දු තරග තුනකදී පමණක් වීමයි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග 10 ක ප්‍රතිඵල 

  • තුර්ක්මෙනිස්ථානයට එරෙහිව ගෝල 2-0 ක පරාජයක් (2022 ලෝක කුසලාන සුදුසුකම් - 2019)
  • දකුණු කොරියාවට එරෙහිව ගෝල 1-0 ක පරාජයක් (2022 ලෝක කුසලාන සුදුසුකම් - 2019)
  • මලයාසියාවට එරෙහිව ගෝල 6-0 ක පරාජයක් (සුහද 2019)
  • දකුණු කොරියාවට එරෙහිව ගෝල 8 - 0 ක පරාජයක් 2022 ලෝක කුසලාන සුදුසුකම් - 2019)
  • ලෙබනනයට එරෙහිව ගෝල 2-0 ක පරාජයක් (2022 ලෝක කුසලාන සුදුසුකම් (2019)
  • තුර්ක්මෙනිස්ථානයට එරෙහිව ගෝල 2-0 ක පරාජයක් (2022 ලෝක කුසලාන සුදුසුකම් - 2019)
  • පලස්තීනයට එරෙහිව ගෝල 2-0 ක පරාජයක් (බන්ගබන්දු කුසලාන 2020)
  • බංග්ලාදේශයට එරෙහිව ගෝල 3-0 ක පරාජයක් (බන්ගබන්දු කුසලාන- 2020)
  • ලෙබනනයට එරෙහිව ගෝල 3-2 ක පරාජයක් 2022 ලෝක කුසලාන සුදුසුකම් 2021)
  • දකුණු කොරියාවට එරෙහිව ගෝල 5-0 ක පරාජයක් 2022 ලෝක කුසලාන සුදුසුකම් 2021)

 


අදහස් (0)

බංග්ලාදේශයට එරෙහිව තීරණාත්මක තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.