Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය පළමු වරට නවසීලන්තය පරදවයි
ශිලාත් ටෙස්ට් තරගය

බංග්ලාදේශය පළමු වරට නවසීලන්තය පරදවයි

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 150 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය අද (2 වැනිදා) සමත් විය. බංග්ලාදේශ කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය. 

සිවුවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 332 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය, ලකුණු 113 කට කඩුලු 7 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව සිටියේය. අද දිනයේදී ඉතිරි කඩුලු 3 ද අහිමිකරගමින් ඔවුන්ට ලබාගත හැකි වූයේ 68 ක් පමණි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 75 කට කඩුලු 6 ක් බිඳහෙළමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පළමු ඉනිමේදී දවාගත් කඩුලු 4 ද සමග මෙම තරගයේදී කඩුලු 10 බිඳහෙළුෑ තයිජුල් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. 
හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැස්කළ නායක ටිම් සවුති, නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීම සඳහා උත්සාහයක නිරත වුවද, මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්ව හෙතුවෙන් එම උත්සාහය අසාර්ථක වී ගියේය.         

                                                                                                                                                                                                                                                                                                                                                                                                     
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 310 
(මහමදුල් හසන් 86, නජ්මුල් හොසේන් 37, මොමිනුල් හක් 37, ශහදත් හසන් 24, මෙහෙදි හසන් 20, නුරුල් හසන් 29, ග්ලේන් පිලිප්ස් 53/4, කයිල් ජැමීසන් 52/2, අජාස් පටේල් 76/2) 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 317
(ටොම් ලේතම් 21, කේන් විලියම්සන් 104, ඩැරිල් මිචෙල් 41, ග්ලේන් පිලිප්ස් 42, කයිල් ජැමීසන් 23, ටිම් සවුති 35, තයිජුල් ඉස්ලාම් 109/4, මොමිනුල් හක් 04/3) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 338
(නජ්මුල් හොසේන් 105, මොමිනුල් හක් 40, මුෂ්ෆිකුර් රහීම් 67, මෙහෙදි හසන් නොදැවී 50, අජාස් පටේල් 148/4, ඉෂ් සෝධි 74/2) 

නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 181 
(ඩෙවෝන් කොන්වේ 22, ඩැරිල් මිචෙල් 58, ඉෂ් සෝධි 22, ටිම් සවුති 34, තයිජුල් ඉස්ලාම් 75/6) 

-036


අදහස් (0)

බංග්ලාදේශය පළමු වරට නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.