Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ සංචිතයට ප්‍රබලයෝ රැසක්
එක්දින තරගාවලිය

බංග්ලාදේශ සංචිතයට ප්‍රබලයෝ රැසක්

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශය ශක්තිමත් සංචිතයක් ප්‍රකාශයට පත්කර තිබේ. සීමිත ඕවර ක්‍රීඩාවේ නම් දිනූ ක්‍රීඩකයින් රැසක් එම සංචිතයට නම් කරනු ලැබ ඇත. ටෙස්ට් තරගාවලියට එක් නොවූ වේග පන්දු යවන්නන් වන ටස්කින් අහමඩ් සහ මුස්තාෆිසුර් රෙහ්මාන් ආබාධ වලින් සුවය ලබා එක්දින එක්ව සිටිති. 

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා වන මෙහෙදි හසන් මිරාස්ට උණ ගැනීම හේතුවෙන් ඔහු ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට සහභාගි නොවීය. එහෙත් මෙහෙදි හසන් දැන් සුවය ලබා සිටින අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (25 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් පසුවෙයි. 

විස්සයි-20 කණ්ඩායමේ නායකයා වන කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් නැවතත් කණ්ඩායමට එක්ව සිටී. ලිටන් දාස් ගාල්ලේදී පැවැති පළමු තරගයේදී හොඳින් ලකුණ අතර සිටි ක්‍රීඩකයෙකි. ගාල්ලේ තරගයේදී ඉනිම දෙකේදීම ශතක ලබාගත් ටෙස්ට් නායක නජ්මුල් හොසේන් ශන්ටෝ මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ජේ්කර් අලී ද එක්දින සංචිතයට ඇතුළත්ව සිටිති. 

මුෂ්ෆිකුර් රහීම් සහ මහමදුල්ලා රියාද් මෑතකදී එක්දින ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්හ. ඔවුන් වෙනුවට ශමීම් හොසේන්, තන්වීර් ඉස්ලාම්, හසන් මහමුද්, නහීද් රානා සහ මොහොමඩ් නයීම් බංග්ලාදේශ එක්දින කණ්ඩායමට එක්ව සිටිති. ඔවුන් අතර සිටින නහීද් රානා තරමක් වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයෙකි. ගාල්ල තරගයේදීත් ක්‍රීඩා කළ නහීද් රානා, පැයට කිලෝ මීටර 140 කට ආසන්න වේගයකින් පන්දු යැවීය. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජූලි මස 2 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දෙවැනි තරගය ජූලි 5 වැනිදා පැවැත්වෙන අතර තුන්වැනි තරගය ජූලි 8 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 


බංග්ලාදේශ එක්දින සංචිතය
මෙහෙදි හසන් මිරාස් (නායකයා), ටැන්සිඩ් හසන්, පර්වීස් හොසේන් එමොන්, මොහොමඩ් නයීම්, නජ්මුල් හොසේන් ශන්ටෝ, තව්හීස් රිදෝයි, ලිටන් දාස්, ජේකර් අලී, ශමීම් හොසේන්, රිෂාඩ් හොසේන්, තන්වීර් ඉස්ලාම්, මුස්ටෆිසුර් රෙහෙමාන්, ටැන්සිම් හසන්, ටස්කින් අහමඩ්, නහීද් රානා සහ හසන් මහමුද් 


අදහස් (0)

බංග්ලාදේශ සංචිතයට ප්‍රබලයෝ රැසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.