Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ පි‍්‍රමියර් ලීගයට ශ්‍රී ලංකාවෙන් 9 ක්
බංග්ලාදේශ පි‍්‍රමියර් ලීගය

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීගයට ශ්‍රී ලංකාවෙන් 9 ක්

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලබන වසරේදී (2022) පැවැත්වීමට නියමිත බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් විස්සයි-20 කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් 9 දෙනෙකු තොරාගනු ලැබූහ. තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය ඊයේ (27 වැනිදා) පැවැති අතර එහිදී කණ්ඩායම් 6 න් 5 ක්ම ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ සේවය ලබාගැනීම සඳහා ඉදිරිපත් විය.  

ඒ අනුව තිසර පෙරේරා, භානක රාජපක්ෂ සහ සීක්කුගේ ප‍්‍රසන්න කුල්නා ටයිගර්ස් කණ්ඩායමටත්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ෆෝචූන් බරිෂාල් කණ්ඩායමටත්, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ පෙරේරා ශිලාත් සන්රයිසස් කණ්ඩායමටත් මිලදී ගැනීමට එම කණ්ඩායම්වල හිමිකරුවෝ ඉදිරිපත් වූහ.  

එහිදී ඉසුරු උදානගේ සේවය ලබාගැනීමට ඩකා ස්ටාර්ස් කණ්ඩායමත්, කුසල් මෙන්ඩිස්ගේ සේවය ලබාගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමත් ඉදිරිපත් වූ අතර චැටෝග‍්‍රෑම් චැලේන්ජර්ස් කණ්ඩායම කිසිදු ශ්‍රී ලංකා කී‍්‍රඩකයකු මිලදී ගැනීම සඳහා ඉදිරිපත් නොවීය.  

මෙම තරගාවලියට එක්වීම වෙනුවෙන් වනිඳු හසරංගට සහ ඉසුරු උදානට ඇමරිකානු ඩොලර් 75,000 ක මුදලක් හිමිවන අතර එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ තිස්හය දහසක් පමණ වේ. එය මෙම තරගාවලියට සහභාගි වන  ඕනෑම විදෙස් කී‍්‍රඩකයකුට හිමිවන ඉහළම මුදල ලෙස හැදින්විය හැකිය.

ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් අලෙවි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලකටය. එය රුපියල් එක් කොටි එක් ලක්ෂ පනස්හත් දහසක අගයක් ගනී. තෝරාගෙන ඇති සෙසු ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් සඳහා ඇමරිකානු ඩොලර් 40,000 (රුපියල් අසූ එක් ලක්ෂ විසිහය දහසේ) සිට ඇමරිකානු ඩොලර් 20,000 (රුපියල් හතලිස් ලක්ෂ හැටතුන් දහස) දක්වා වැටුප් හිමිවනු ඇත.

තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් ප‍්‍රදීප්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණිය යන කී‍්‍රඩකයන්ද ලියාපදිංචි වී සිටි නමුත් ඔවුන්ගේ සේවය මිලදී ගැනීම සඳහා කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.

මෙම වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම අබුඩාබි දහයයි-10 තරගාවලියේද වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ වනිඳු හසරංග මෙවර බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියට ඇතුළත්ව සිටි නමුත් අවසන් මොහොතේදී ඔහු ඉන් ඉවත්ව ඇතැයි වාර්තා වේ. 

ජනවාරි මස 21 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා බංග්ලාදේශයේ ශිලාත්, ඩකා සහ චැටොග‍්‍රෑම් යන නගර තුනේදී මෙම තරගාවලිය පැවැත්වේ. කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගවලියට මූලික වටයේ තරග 36 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඇතුළත් වේ.

තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය සඳහා බංග්ලාදේශ කී‍්‍රඩකයන් 210 ක් සහ විදෙස් කී‍්‍රඩකයන් 406 ක් ලියාපදිංචි වී සිටියහ. ඔවුන් අතරින් මෙවර තරගාවලිය සඳහා තෝරා ගැණුන විදෙස් කී‍්‍රඩකයන් අතර බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස් ගේල් (ෆෝචූන් බරිෂාල්), දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ෆෆ් ඩුප්ලෙසි සහ එංගලන්ත කී‍්‍රඩක මුයින් අලී (කොමිලා වික්ටෝරියන්ස්) ප‍්‍රධාන තැනක් ගනිති.


එක් එක් කණ්ඩායම් විසින් මිලදී ගන්නා ලද ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්

කුල්නා ටයිගර්ස් කණ්ඩායම - තිසර පෙරේරා, භානක රාජපක්ෂ සහ සීක්කුගේ ප‍්‍රසන්න
ෆෝචූන් බරිෂාල් කණ්ඩායම - ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල
ශිලාත් සන්රයිසස් කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ පෙරේරා
ඩකා ස්ටාර්ස් කණ්ඩායම - ඉසුරු උදාන
කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම - කුසල් මෙන්ඩිස්

 


අදහස් (0)

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීගයට ශ්‍රී ලංකාවෙන් 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.