Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ නැඟී එන ක්‍රීඩකයෝ ජයගනිති

බංග්ලාදේශ නැඟී එන ක්‍රීඩකයෝ ජයගනිති

editorial - 2023 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති නිල නොවන එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම ලකුණු 21 කින් ජගත්තේය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර බංග්ලාදේශ ඉනිමේ 36 වැනි ඕවරයේදී තරගය නතර කිරීමට සිදුවිය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 297 ක් ලබාගත්තේය. වර්ෂාව නිසා තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2 ක ලකුණු 200 ක් ලබා සිටි නමුත් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ඕවර 36 කදී ඔවුන්ගේ ඉලක්කය විය යුතුව තිබුණේ ලකුණු 180 කි. ඒ අනුව බංග්ලාදේශ නැඟී එන කණ්ඩායමට ලකුණු 21 ක ජයක් හිමිවිය. 


ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ට 297 යි
(ෂෙවොන් ඩැනියෙල් 12, මොහොමඞ් ශමාස් 12, සොහාන් ද ලිවේරා 23, නවෝද් පරණවිතාන 37, අහන් වික්‍රමසිංහ 77, සොනාල් දිනූෂ 62, විජයකාන්ත් වියස්කාන්ත් 25, චමිඳු වික්‍රමසිංහ නොදැවී 28, චාමික ගුණසේකර නොදැවී 10, මුස්ෆික් හසන් 56/3, අහමඞ් ශරීෆ් 53/2)

බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම - ඕවර 36 කදී කඩුලු 2 ට 200 යි
(පර්වේස් හොසේන් 35, ප්‍රාන්තික් නැව්රෝස් නොදැවී 92, මහමුදුල් හසන් ජෝයි නොදැවී 57)

- 213


අදහස් (0)

බංග්ලාදේශ නැඟී එන ක්‍රීඩකයෝ ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.