Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද බංග්ලාදේශයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ඕවර 26.3 ක් අවසානයේ පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ටමීම් ඉක්බාල් පන්දු 82 කදී හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 87 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කළේය.
ආරම්භක පිතිකරු ලිටන් දාස් (48) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 127 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද ඉක්බාල් සමත් විය. පන්දු 57 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සමග ලකුණු රැස්කළ දාස්, අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ ටෙම්බා බවුමා අතට උඩ පන්දුවක් දෙමිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ටස්කින් අහමඩ් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 37 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු යනෙමන් මලාන් පන්දු 56 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක් රැස්කළේය.
සිය ක්‍රීඩා දිවියේ දෙවැනි හොඳම එක්දින පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ටස්කින් අහමඩ් ලකුණු 35 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමීමට පෙරමුණ ගත්තේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් සකීබ් අල් හසන් ලකුණු 24 කට කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් විය.
දකුණු අප්‍රිකානු පිල - ඕවර 37 කදී සියලු දෙනා දැවී 154
(යනෙමන් මලාන් 39, ඩේවිඩ් මිලර් 16, ඩ්වේන් ප්‍රිටෝරියස් 20, කේෂව් මහරාජ් 28, ටස්කින් අහමඩ් 35/5, සකීබ් අල් හසන් 24/2)
බංග්ලාදේශ පිල - ඕවර 26.3 කදී කඩුල්ලක් දැවී 156
(ටමීම් ඉක්බාල් නොදැවී 87, ලිටන් දාස් 48, සකීබ් අල් හසන් නොදැවී 18)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.