Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පේලේගේ වාර්තාව මෙසී අරගනී

පේලේගේ වාර්තාව මෙසී අරගනී

editorial - 2021 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරදී බොලිවියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් ලබාගත් ලයනල් මෙසී පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් සැලකෙන පේලේගේ ගෝල වාර්තාව තමන් සතු කරගත්තේය. බ්‍රහස්පතින්දා පැවැති තරගයේදී මෙසීගේ මෙම දස්කමත් සමගින් ‘කටාර් - 2022’ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගයකදී ආර්ජන්ටිනා කණ්ඩායම බොලිවියාවට එරෙහිව ගෝල 3-0 ක පහසු ජයක් ලබාගත්තේය.

මෙම ජයග්‍රහණය නිසා ලබන වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා කිසිදු අපහසුවකින් තොරවම සුදුසුකම් ලබාගැනීමේ ඉසව්වකට ආර්ජන්ටිනාව පැමිණ සිටී.

මෙසී විසින් සතු කරගන්නා ලද්දේ දකුණු ඇමරිකානු පාපන්දු ඉතිහාසයේ අන්තර්ජාතික තරග වලදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගනිමින් පේලේ ෂතුව තිබූ ගෝල 77 ක වාර්තාවයි. මෙම වාර්තාව ඉතා දීර්ඝ  කාලයක් පැවැති මහාද්වීපික වාර්තාවකි.

ආර්ජන්ටිනාව වෙනවෙන් සිය 153 වැනි තරගයට පිවිසි මෙසී, මෙම තරගයේදී ලබාගත් ගෝල ත්‍රිත්වයත් සමගින් මේ වන විට ලබාසිටින අන්තර්ජාතික ගෝල සංඛ්‍යාව 79 කි.

34 හැවිරිදි මෙසී, තරගයේ 14 වැනි විනාඩියේදීම, 77 වැනි ගෝලය ලබාගනිමින් පේලේගේ වාර්තාව සමකළා පමණක් නොව ආර්ජන්ටිනා කණ්ඩායමත් 1-0 ක් ලෙසින් පෙරමුණට ගෙන ආවේය. බොලිවියාවේ ආරක්‍ෂක පෙළ ක්‍රීඩකයකු මුළා කරමින්, බොලිවියානු දැළ රකින්නා වන කාලෝස් ලැම්පේට සිතාගැනීමටවත් කාලයක් නොතබා එම ගෝලය ලබාගත් මෙසී 64 වැනි විනාඩියේදී පේලේ පසුකර ගියේය.

තරගය අවසන් වීමට විනාඩි කිහිපයක් තිබියදී සිය තුන්වැනි අන්තර්ජාතික ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කළ මෙසී,..... “මම සෑහෙන කාලයක් තිස්සේ මේ වෙනුවෙන් බලා සිටියා” යයි තරගයෙන් අනතුරුව  පැවසීය.

මෙසී විසින් අත්කරගන්නා ලද්දේ අන්තර්ජාතික ගෝල සඳහා පේලේ සතුව තිබූ දකුණු ඇමරිකානු වාර්තාවයි. එහෙත් වැඩිම අන්තර්ජාතික ගෝල සංඛ්‍යාවක් ලබාගැනීමේ ලෝක වාර්තාව, තරග 180 කදී ගෝල 111 ක් ලබා සිටින ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සතුව පවතී.


- 213


අදහස් (0)

පේලේගේ වාර්තාව මෙසී අරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.