Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෙරහුරු තරගයේ පළමු දිනය වැස්සට සේදෙයි

පෙරහුරු තරගයේ පළමු දිනය වැස්සට සේදෙයි

editorial - 2022 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර සවාර්හිදී අද (10 වැනිදා) ආරම්භ වූ දෙදින පෙරහුරු තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් ඕවර 8.3 කට සීමා විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 14 ක් ලබා සිටියේය. 

ඒ වන විට ඕෂධ ප්‍රනාන්දු ලකුණු 7 ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 5 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. නායක දිමුත් කරුණාරත්න ලකුණු 2 කට දැවී ගියේ මුකිදුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ එනමුල් හක් අතට උඩ පන්දුවක් දෙමිනි. 

ශ්‍රී ලංකා පිල - ඕවර 8.3 කදී කඩුල්ලක් දැවී 14 
(ඕෂධ ප්‍රනාන්දු නොදැවී 07, කුසල් මෙන්ඩිස් නොදැවී 05) 

-036 


අදහස් (0)

පෙරහුරු තරගයේ පළමු දිනය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.