Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෘතුගාලයට 3-0 ක පහසු ජයක්

පෘතුගාලයට 3-0 ක පහසු ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෘතුගාලයේ ගොන්කාලෝ ගයිඩිස්ගේ සහ බෲනෝ ෆර්නෑන්ඩිස්ගේ දක්ෂතා හේතුවෙන් ඇල්ජීරියාවට එරෙහි පැවති පුහුණු තරගයෙන් ගෝල 3-0 ජයක් ලැබීමට පෘතුගාලය සමත් විය. මෙම තරගය පෘතුගාලයේ ලිස්බන් ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා පැවැත්විණ. 

තරගයේ 17 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ පෘතුගාලයේ ගොන්කාලෝ ගයිඩිස් පෘතුගාලයට පළමු ගෝලය ලබා දුන්නේය. නැවතත් 37 වන මිනිත්තුවේදී බෲනෝ ෆර්නෑන්ඩිස් ලබාගත් ගෝලයත් සමඟ පෘතුගාලය පළමු භාගය අවසානයේ ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ලබා ගත්තේය.  

ඇල්ජීරියාවට කිසිසේත් හිස එසවීමට අවස්ථාව නොදුන් පෘතුගාලයේ ගොන්කාලෝ ගයිඩිස් ඔහුගේ දෙවන ගෝලය මෙන්ම තරගයේ තුන්වන ගෝලයද ලබාගත්තේ තරගය පහසුවෙන් ජය ගැනීමේ ඉසව්වකට තම පිල ගෙන යමිනි. එසේ වුවත් මෙම තරගයේදී පෘතුගාල කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දක්ෂතා අතරට ඒමට හැකියාව නොලැබුණි. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී  පෘතුගාලය ‘බී’ කාණ්ඩයෙන් තරග  වදී. ස්පාඤ්ඤය, මොරොක්කෝව සහ ඉරානය ඔවුන් හමුවේ පළමු වටයේදී  තරග වැදීමට නියමිතය. ජුනි 15 වැනිදා ස්පාඤ්ඤයට එරෙහි තරගයෙන් තරගාවලියට අවතීර්ණ වන පෘතුගාලය ජුනි 20 වැනිදා මොරොක්කෝව සමගින් තරග වැදීමට නියමිතය. ‘බී’ කාණ්ඩයේ අවසන් තරගය ජුනි 25 වැනිදා ඉරානය සහ පෘතුගාලය අතර පැවැත්වෙයි. 

ඇල්ජී්රීයාව මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ අතර 2014 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් කණ්ඩායම් 16 දෙනාගේ වටය දක්වා පැමිණිමට ඔවුන්ට හැකියාව ලැබුණි. එහෙත් සුදුසුකම් ලැබීමේ වටයෙන්ම කුසලානයට තිත තැබීමට ඇල්ජීරීයාවට මෙවර සිදුවිය. 

-024 


අදහස් (0)

පෘතුගාලයට 3-0 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.