Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණුකරුවෝත් කඩුල්ල පැන පිටියට එති

පුහුණුකරුවෝත් කඩුල්ල පැන පිටියට එති

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා අද (14 වැනිදා) පෙරවරුවේදී කළ පී.සී.ආර්. පරීක්‍ෂණ සියල්ලම කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සෘණාත්මක වී තිබේ. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අද පස්වරුවේ සිටම පුහුණුවීම් සඳහා එක්විය හැකිය.

එංගලන්තයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පසුගිය 6 වැනිදා දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝධායනය වෙමින් සිටියදී පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් විශ්ලේශක තනුජ නිරෝෂන් මහතාටත් කොරෝනා වයිරසය අසාදනය වූ බව සොයා ගැනිණ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන සිටි හෝටලයේදීම හුදෙකළා කරනු ලැබිණ. පසුව ඔවුන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මාරු කර යවනු ලැබිණ.

පසුගිය ඉරිදා (11 වැනිදා) කළ පී.සී.ආර්. පරීක්‍ෂණ වලදී එංගලන්තයේ සිට පැමිණි ක්‍රීඩකයන් 21 දෙනාම කොරෝනා වයිරසයෙන් නිදහස් බව තහවුරු වූයෙන් ඔවුන්ට සඳුදා සිට පුහුණුවීම් කිරීමේ අවසරය ලැබිණ. නියමිත පුහුණු කාර්ය මණ්ඩලය නිදහස් වන තුරු පියල් විජේතුංග සහ ධම්මික සුදර්ශන යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ගැන අවධානයෙන් සිටියහ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරයි. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටී.

ජූනි 28 වැනිදා සිටම ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය කණ්ඩායම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ නවාතැන් ගෙන සිටින අතර එස්.එස්.සී. පිටියේදී පුහුණුවීම් කරයි.

දෙරට අතර එක්දින තරගාවලිය මේ මස 18 වැනිදා ආරම්භ වේ.

 


අදහස් (0)

පුහුණුකරුවෝත් කඩුල්ල පැන පිටියට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.