Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඊයේ සවස මේ බව නිවේදනයකින් තහවුරු කළේය.
ඇතිවී තිබෙන නවතම තත්ත්වය සලකා බලමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය දින කිහිපයකින් කල්දැමීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරමින් සිටී. ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරය මේ මස 20 වැනිදා ආරම්භ වීමට නියමිත වන අතර එය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරගාවලියකින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත වේ.
බටහිර ඉන්දීය සංචාරය සඳහා සූදානම් වන ක්‍රීඩකයන් 36 දෙනකු, පුහුණු කාර්ය මණ්ඩලය මෙන්ම පුහුණුවීම් සඳහා යොදාගනු ලබන පන්දු යවන්නන් වෙනුවෙන්ද පෙරේදා (2 වැනිදා) පී.සී.ආර්. පරීක්‍ෂණ කර තිබේ. එහි ප්‍රතිඵළ ඊයේ පැමිණි අතර ජාතික පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ආරම්භක පිතිකරුවාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සනාථ වී තිබේ. මෙම සියලු දෙනා සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයද පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක්කර තිබේ.
වසර 2019 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් වැඩ බාරගත් මිකී ආතර් මහතා 2020 වසර පුරාම රැඳී සිටියේ ශ්‍රී ලංකාවේය. 2020 ජනවාරි මාසයේදී පැවැති සිම්බාබ්වේ සංචාරයෙන් පසුව 2021 ජනවාරි මාසය දක්වා, වසරක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් තරග වලට සහභාගි නොවීය.
පිතිකරුවකු වශයෙන් දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි ළහිරු තිරිමාන්න පසුගිය මාසයේදී එංගලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත්තේය. ඒ වසර 8 කට පසුව ඔහු ලබාගත් ටෙස්ට් ශතකයක් විය.
කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ විගසම පුහුණුකරු මිකී ආතර් මහතා සහ තිරිමාන්න දෙදෙනාම කොරෝනා සම්බන්ධයෙන් රජයේ සෞඛ්‍ය නිර්දේශ අනුව අදාළ අංශ වෙත පිටත්කර යවා තිබේ.
බටහිර ඉන්දීය සංචාරය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 28 වැනිදා පුහුණුවීම් ආරම්භ කළේය. එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය නිමා වීමෙන් පසුව ටෙස්ට් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෝද ඊට එකතු වූහ. එහි සමස්ත සංඛ්‍යාව 36 කි. ක්‍රීඩක සංචිතය වෙන වෙනම ඒකක තුනක් වශයෙන් පුහුණුවීම් කළේය.
මෙම ක්‍රීඩකයන් සියලුම දෙනා අද සහ හෙට (4 සහ 5) ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුව තිබේ. අද දිනයේදී ක්‍රීඩකයන්ගේ ශරීරයේ පවතින මේද සංයුතිය පිළිබඳ පරීක්‍ෂණ කෙරෙන අතර හෙට පෙරවරුවේදී කිලෝ මීටර 2 ක දුරක් දිවයමින් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය කෙරෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.