Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා පිල සහ නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල අතර නොදම්ටන්හිදී පැවැති පුහුණු සිවුදින තරගය අද (08) විසදුමකින් තොරව අවසන් විය.
තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වන අද (08) පස්වරුවේ තරගය අවසන් වන විට ශ‍්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය. ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිලේ පළමු ඉනිම තේ විවේකයට පෙර ලකුණු 345 කට සීමා කිරීමට සමත් වූහ.
ධම්මික ප‍්‍රසාද් (68/4) සහ ඩිල්රුවන් පෙරේරා (92/4) කඩුලූ හතර බැගින් දවා ගැනීමට සමත් වූහ.
පිට දග පන්දු යවන ඩිල්රුවන් පෙරේරා මෙම කඩුලූ හතරත් සමග පළමු පෙළ කඩුලූ 500 සම්පූර්ණ කිරීමට සමත් විය. ඩිල්රුවන් මේ වන විට පළමු පෙළ තරග 150 කට ක‍්‍රීඩා කර තිබේ.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (07) වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි විය. දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 146 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ මස 12 වැනිදා ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 138 කදී කඩුලූ 8 ට 558 (කෞෂාල් සිල්වා 152, ළහිරු තිරිමාන්න 156, ඩිල්රුවන් පෙරේරා 59, ස්ටීවන් ක්‍රොක් 98/3) සහ දෙවැනි ඉනිම ඕවර 31 කදී කඩුලූ 4 ට 99 (දිමුත් කරුණාරත්න 38, කුමාර් සංගක්කාර 45)
නොදම්ටන්ෂයර් පිල පළමු ඉනිම ඕවර 87.1 කදී සියලූ දෙනා දැවී 345 (රිචඞ් ලෙවි 64, රොබ් කීෆ් 120, මැතිව් ස්ප‍්‍රිගල් 27, ඬේවිඞ් විලි 48, ධම්මික ප‍්‍රසාද් 68/4, ඩිල්රුවන් පෙරේරා 92/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.