Last Update  :  2026-03-21 20:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට සිට
ශූරයන්ගේ කුසලාන

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට සිට

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විසින් සංවිධානය කළ ශූරයන්ගේ ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය හෙට (22 වැනිදා - ඉරිදා) ආරම්භ වෙයි. කණ්ඩායම් 8 ක් සහභාගි වන මෙම තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ පදනම මත පැවැත්වෙන්නකි. 

ශූරයන්ගේ ලීග් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සහභාගි වූ කණ්ඩායම් අතර ශූරයන්ගේ කුසලාන තරගාවලියත් පැවැත්වීමට කලින් සැලසුම් කර තිබිණ. එහෙත් ලීග් තරගාවලිය ජයගත් කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම කුසලාන තරගාවලියෙන් ඉවත් වීම නිසා වෙනත් කණ්ඩායමක් කුසලාන තරගාවලියට ඇතුළත් කළ යුතුව තිබිණ. 

ශූරතාව දිනාගත් පෙලිකන්ස් ක්‍රීඩා සමාජයත්, මූලික වටයෙන් ඉවතට ගිය කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයත් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට ඉදිරිපත් නොවන බැවින් ක්‍රිස්ටල් පැලස් පිලට පසුපසින් සිටි සුපර් සන් කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට එකතු කර ගැනිණ. 

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මේ මස 22 සහ 23 දිනයන්හිදී පැවැත්වෙයි. අවසන් පූර්ව තරග අප්‍රේල් 01 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිතය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී පළමු තරගය පස්වරු 4.00 ටද, දෙවැනි තරගය රාත්‍රී 8.00 ට ද ආරම්භ වේ. 

සියලුම තරග කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයට අයත් පාපන්දු පිටියේදී පැවැත්වේ. 

- 213


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.