Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැරා ලෝක ශූරතාවලියේදී පදක්කම් දිනා එති
ලෝක පැරා මලලක්‍රීඩා තරගාවලිය

පැරා ලෝක ශූරතාවලියේදී පදක්කම් දිනා එති

editorial - 2024 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(කටුනායක ටී. කේ. ජී. කපිල)
 
ජපානයේ කෝබේ නුවරදී පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත්  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස ඉරිදා (26 වැනිදා) රාත්‍රීයේ ශ්‍රී ලංකාවට පැමිණියහ. එහිදී එෆ්.- 64 තරග කාණ්ඩය යටතේ තරග කළ සමිත දුලාන් හෙල්ල විසි කිරීම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය. 
 
ටී.- 44 කාණ්ඩය යටතේ තරග කළ නුවන් ඉන්දික මීටර් 100 ධාවන  ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. 
 
එෆ්.- 42 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට සහභාගී වූ පාලිත බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගත්තේය. 
 
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි  විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
 
 
 

අදහස් (0)

පැරා ලෝක ශූරතාවලියේදී පදක්කම් දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.