Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැරා ක්‍රීඩකයන්ගේ දස්කම් අගැයේ

පැරා ක්‍රීඩකයන්ගේ දස්කම් අගැයේ

editorial - 2024 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ කෝබේ නුවරදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් තිදෙනාවම සිය මූලස්ථානයට කැඳවූ ඩයලොග් ආසියාටා සමාගම එම ක්‍රීඩකයන් තිදෙනාගේ දස්කම් අගය කළේය. 

කෝබේ පැරා මලල ක්‍රීඩා උළෙලේදී ටී-44 කාණ්ඩයෙන් මීටර 100 ඉසව්වට ඉදිරිපත් වූ ඉන්දික ගමගේ ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. එෆ්-44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් එහි පැරණි ලෝක වාර්තාව අභිබවා ගිය සමිත දුලාන් රිදී පදක්කම දිනාගත්තේය. පාලිත බණ්ඩාර එෆ්-42 කාණ්ඩයේදී යගුලිය විසිකිරීමෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. 

ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ ජාතික අනුග්‍රාහකයා වන ඩයලොග් ආසියාටා සමාගම වසර 20 කට වැඩි කාලයක් පුරා සිය අනුග්‍රහය දිගින් දිගටම පවත්වාගෙන යයි. ඩයලොග් සමාගම ජාතික පැරලිම්පික් කණ්ඩායමට සිය මුල්ම අනුග්‍රහය ප්‍රදානය කරන ලද්දේ වසර 2000දී පැවැති සිඞ්නි පැරලිම්පික් තරගාවලිය වෙනුවෙනි. එතැන් සිට 2004, 2008, 2012, 2016 සහ 2020 යන වසරවලදී පැවැති පැරලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දක්වන ලද්දේත් ඩයලොග් සමාගම විසිනි. 

ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයෝ පැරලිම්පික් උළෙල වලදී රන් පදක්කමක්, ලෝකඩ පදක්කම් 3 ක්, ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිවලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක්, පොදුරා්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙල වලදී රිදී පදක්කමක් මෙන්ම ආසියානු පැරා ක්‍රීඩා උළෙල වලදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් දිනාගෙන තිබේ. 

- 213 


අදහස් (0)

පැරා ක්‍රීඩකයන්ගේ දස්කම් අගැයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.