Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැරදුනා මදිවට ශ්‍රී ලංකාව දඩත් කයි

පැරදුනා මදිවට ශ්‍රී ලංකාව දඩත් කයි

editorial - 2022 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදී ඉකුත් ඉරිදා (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කිරීමට එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් මහතා පියවර ගෙන ඇත.

තරගයේ නියමිත වේලාව තුළ යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවරයක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම දඩ මුදල නියම කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් හඳුනවාදී ඇති නීති මාලාවේ 2.22 වගන්තියට අනුව ඕනෑම කණ්ඩායමක් නියමිත වේලාවට යවා නිම කිරීමට අසමත් වන එක් ඕවරයකට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් නියම කළ හැකිය.

තවද එම නිතී මාලාවේ 2.3 වගන්තියට අනුව ‘තරගයක් තුළදී අසභ්‍ය වචන භාවිතා කිරීම’ යන වරදට හසුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට දැඩි ලෙස අවවාද කිරීමටද තරග තීරකවරයා පියවර ගෙන ඇත. පන්දුවට පහරදෙමින් සිටියදී තමාට මඟහැරණු පන්දුවක් හමුවේ නුසුදුසු වචන භාවිතා කිරීම නිසා පැතුම්ට එලෙස අවවාද කර ඇති අතර එහිදී ඔහුට දඬවම් ලකුණක්ද ලබාදී ඇත.

තරගයේ විසිසුරුවන් ලෙස කටයුතු කළ ඩොනොවන් කොච්, රොඩ් ටකර්, ශෝන් ක්‍රේග් සහ ජෙරඩ් ඇබූඩ් යන මහත්වරු මෙම සිදුවීම සම්බන්ධයෙන් තරග තීරකවරයාට පැමිණිළි කර ඇත. එහිදී නායක දසුන් ශානක කණ්ඩායම වෙනුවෙන්ද සහ පැතුම් නිස්සංක පෞද්ගලිකවද එම චෝදනාවන්ට වරද පිළිගෙන ඇති බැවින් ඒ වෙනුවෙන් වැඩිදුර පරීක්ෂණයක් නොපැවැත්වෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.

-036


අදහස් (2)

පැරදුනා මදිවට ශ්‍රී ලංකාව දඩත් කයි
  • Mama Monday, 14 February 2022 08:20 PM

    විනිසුරුගේ වැරදි තීන්දුවට ක්‍රියාමාර්ගයක් ගන්නවද?

    Reply 0       0

    Nasar Tuesday, 15 February 2022 04:43 AM

    එතකොට දුන්නේ නැති වයිඩ් බෝල් එකට මොකද කරන්නේ? පැතුම් තමාටම කියාගත්තා මිසක් වෙන කාටවත් කිව්වේ නැහැ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.