Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැනමාවට සැනසුම් සුසුමක්

පැනමාවට සැනසුම් සුසුමක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි භාගයේදී වහාබි කාස්රි වාර්තා කළ ගෝලයෙන් පැනමා කණ්ඩායමට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමින් සිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය ජයග්‍රාහීව නිමා කිරිමට ටියුනීසියාවට හැකිවිය. මොර්ඩෝවියා අරීනා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ ජය හෝ පරාජය දෙපිලටම තීරණාත්මක නොවූ එකක් බවට පත්වී තිබුණේ ‘ජී‘ කාණ්ඩයේ පහළම සිටි කණ්ඩායමක් වූ නිසාය.

ටියුනීසියාව ජය ලැබුවත් තරගයේ පළමු භාගය නිමාවූයේ පැනමාවට පෙරමුණට තබමිනි. එය සිදුවූයේ තරගයේ 33 වැනි මිනිත්තුවේදී ටියුනීසියාවේ යාසින් මෙරීයා තමන්ගේම දැල තුළට පන්දුව දමාගැනීම නිසාය. පැනමා ක්‍රීඩකයන්ගෙන් පන්දුව බේරාගැනීමට බැරි තැන ටියුනීසියාවේ ගෝල් කණුවට යාර කිහිපයක් එපිටින් සිට මෙරියා තම ගෝල රකින සගයා වූ අයිමෙන් මැත්ලෝතිට පන්දුව යොමු කළත් දැල තුළට පතිත වනතුරු ඔහුට එය රැක ගැනීමට නොහැකිවිය. එය වාර්තාපොතට එක්වුයේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වාර්තා වූ 50 වැනි ‘ඕන් ගෝලය‘ ලෙසටය.

තරගයේ 51 වැනි මිනිත්තුවේදී ෆකර්ඩීන් බෙන් යූසුෆ් වාර්තා කළ ගෝලයෙන් තරගය 1-1කින් සමකරගත් ටියුනීසියාවට ජයගෙන දුන් කාස්රිගේ ගෝලය වාර්තා වූයේ තරගයේ 66 වැනි මිනිත්තුවේදීය. ඔහුට තවත් ගෝලයත් වාර්තා කිරීමේ කදිම අවස්ථාවක් පසුව ලැබුණත් පැනමා පිලේ ගෝල රකින ජයිමි පෙනේඩෝ තනි අතින් පන්දුව රැක ගනිමින් එය වළක්වාගත්තේය. කාස්රිගේ ගෝලය ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2500 වැනි ගෝලය ලෙස වාර්තාපොතට එක්වීමත් කැපී පෙනේ.

 

- 077

 


අදහස් (0)

පැනමාවට සැනසුම් සුසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.