Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැතුම් වෙනුවට ෂෙවෝන් කැඳවයි

පැතුම් වෙනුවට ෂෙවෝන් කැඳවයි

editorial - 2024 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (6 වැනිදා) ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කරනු ලැබ සිට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු උණ රෝගය වැළදී ඇත. 

ඒ අනුව ඔහු එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන අතර ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලිය සඳහාද ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්වයක පවතී. 

එබැවින් පැතුම් වෙනුවට 19 හැවිරිදි වමත් ආරම්භක පිතිකරුවකු වන ෂෙවෝන් ඩැනියෙල් එක්දින සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ෂෙවෝන් මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී පමණි. 

අන්තර් සමාජ තරගාවලියේදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ෂෙවෝන්, ඉකුත් වසරේ (2023) පළමු පෙළ තරගාවලියේ තරග 9 ක ඉනිම් 11 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 693 ක් ලබාගනිමින් දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. 


අදහස් (0)

පැතුම් වෙනුවට ෂෙවෝන් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.