Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැතුම් නිස්සංක හුදෙකලා සටනක
ජාතික සුපිරි ලීගය

පැතුම් නිස්සංක හුදෙකලා සටනක

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (2 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණ 241 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය අවසානයේ පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමග නොදැවී ලකුණු 141 ක්ද, වනුජ සහන් හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. පළමු කඩුල්ල වෙනුවෙන් කසුන් විදුර (33) සම එක්ව ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිස්සංක සමත් විය. 

පළමු දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නරත කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 296 ක් ලබා සිටි කොළඹ ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 81 ක් එක්කර ගත්හ. එහිදී පැතුම් කුමාර හතරේ පහර 11 ක් සමග ලකුණු 101 ක් රැස්කළ අතර ලක්ෂිත මනසිංහ ලකුණු 79 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගිනි. 


කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 377 
(ක්‍රිෂාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳු ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර 101, ලක්ෂිත මනසිංහ 79, වනුජ සහන් 88/3, නිම්සර අතරගල්ල 72/2, සිතුම් දිසානායක 78/2, අෂීන් ඩැනියෙල් 81/2)  

මහනුවර පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 241
(පැතුම් නිස්සංක නොදැවී 141, කසුන් විදුර 33, අහන් වික්‍රමසිංහ 21, නිසල තාරක 55/2) 


අදහස් (0)

පැතුම් නිස්සංක හුදෙකලා සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.