Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදි රන් පදක්කම ඉක්වදෝරයේ කරපාස්ට

පාපැදි රන් පදක්කම ඉක්වදෝරයේ කරපාස්ට

editorial - 2021 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපැදි (මාර්ග) රන් පදක්කම දිනාගැනීමට‍ඉක්වදෝරයේ රිචඩ් කරපාස් අද (24 වැනිදා) සමත් විය. කිලෝ මීටර් 234 ක දුරකින් සමන්විත වූ එම තරගය නිමා කිරීම සඳහා ඔහුට පැය 6 යි, විනාඩි 05 යි, තත්ත්පර 26 ක කාලයක් ගත විය.

පළමු පොකුරේ පැමිණ තරගය නිමා කළ ක්‍රීඩකයන් 8 දෙනාට වඩා විනාඩියයි, තත්ත්පර 7 ක් ඉදිරියෙන් සිටිමින් කරපාස් තරගය නිමාවට පත් කළේය. ඉකුත්දා අවසන් වූ ප්‍රංශ පාපැදි සවාරියේ තෙවැනි ස්ථානය හිමිකර ගනු ලැබුවේද කරපාස් විසිනි.

බෙල්ජියමේ වවුට් වැන් අර්ට් සහ ස්ලෝවේනියාවේ ටඩේජ් පොගාකාර් පැය 6 යි, විනාඩි 06 යි, තත්ත්පර 33 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් පිළිවෙලින් එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම්වලට හිමිකම් කියූහ. පොගාකාර් මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ ජයග්‍රහකයාද විය.

පාපැදි ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 130 දෙනෙක් සහභාගි වූ අතර ඔවුන්ගෙන් 85 දෙනෙක් තරගය නිමා කළහ. තරගය තුළදී ක්‍රීඩකයන් රඳවාගත් වේගයේ සාමාන්‍යය පැයට කිලෝ මීටර් 38.42 ක අගයක් ගත්තේය.


තරග ප්‍රතිඵල
1 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) -  පැය 6:05:26
2 වවුට් වැන් අර්ට් (බෙල්ජියම) - පැය 6:06:33
3 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) -  පැය 6:06:33
4 බවුකේ මෝලෙමා (නෙදර්ලන්තය) - පැය 6:06:33
5 මයිකල් වුඩ්ස් (කැනඩාව) - පැය 6:06:33
6 බ්‍රෙන්ඩන් මැක්නල්ටි (ඇමරිකාව) -  පැය 6:06:33
7 ඩේවිඩ් ‍ගවුඩු (ප්‍රංශය) - පැය 6:06:33
8 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 6:06:33
9 ඇඩම් යේට්ස් (බ්‍රිතාන්‍යය) - පැය 6:06:33
10 මැක්ස්මිලන් ස්චන්ච්මන් (ජර්මනිය) -  පැය 6:06:47

-036


අදහස් (0)

පාපැදි රන් පදක්කම ඉක්වදෝරයේ කරපාස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.