Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදිය අලූත් පාරකට

පාපැදිය අලූත් පාරකට

Dilrukshi - 2015 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පා පැදි සම්මේලනයේ නව පාලනය නව ගමනක් ඔස්සේ මෙරට කඩා වැටී තිබෙන පා පැදි කී‍්‍රඩාව නැංවීමේ වැඩසටහන් මාලාවක් දියත් කරන බව ඔටර්ස් කී‍්‍රඩා සමාජ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

පාපැදි සම්මේලන මධ්‍යම කමිටු රැස්වීමේදී පසුගිය ජුනි 6 වැනිදා ගත් තීරණ සම්බන්ධයෙන්, එහි ඉදිරි වැඩසටහන් පිළිබඳව අමල් හර්ෂ සිල්වා මහතා සහ පාපැදි සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක සේනක රණසිංහ, එහි ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න යන මහත්වරු කරුණු පැහැදිලි කළහ.

පා පැදි සම්මේලනයේ දැනට ස්ථාපිත කර තිබෙන මහරගම කාර්යාලයේ කටයුතු මෙහෙයවීමේ නිලධාරියා ලෙස පා පැදි ප‍්‍රවීණයකු වන ඇන්තනී සීමන්ස් මහතා පත්කර තිබේ.
පාපැදි සම්මේලනයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පහත දැක්වේ.

  •    පාපැදි සම්මේලනයේ උපදේශක ධුරයට වෛද්‍ය මලික් ප‍්‍රනාන්දු මහතා පත් කිරීම
  • දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස ලෙස්ලි රූපසිංහ, රේණුක සමරතුංග සහ විල්මන් පෙරේරා යන මහත්වරුන් පත්    කිරීම
  •    පා පැදි තරග වර්ගීකරණය
  •    කී‍්‍රඩා සමාජවලට මූල්‍ය ආධාර ප‍්‍රදානය කිරීම
  •    පාපැදි කී‍්‍රඩකයන් සඳහා අන්තර් ජාල පහසුකම් ඇති කිරීම
  •    සම්මේලනයට ස්ථිර කාර්යාලයක් ලිපිකරුවකු සහිතව ස්ථාපිත කිරීම
  •    ආසියානු පාපැදි (2016) ශූරතා සංචිතය ස්ථාපිත කිරීම
  •    පාපැදි තරග සඳහා සමාන කණ්ඩායම් සහභාගිත්වය
  •    සම්මේලනයට නීති උපදෙස් ලබා ගැනීමට නීතිඥ පාලි පීරිස් මහතා පත් කිරීම
  •    ස්ටෑන්ඩර්ඞ් රේසින් යන අංශ දෙකින්්ම වැඩි තරග ගණනක් පැවැත්වීම
  •    පාපැදි තරග බලපත‍්‍ර ලාභීන්ට වැඩමුළුවක් පැවැත්වීම
  •    කී‍්‍රඩා සමාජ පා පැදි සැණකෙළියක් පැවැත්වීම
  •    විධායක කමිටුව හා මධ්‍යම කමිටුව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම
  •    පාසල් පා පැදි ශූරතාවලියක් පැවැත්වීම
  •    නවක පුහුණුකරුවන් දැනුවත් කිරීමේ තෙදින වැඩ මුළුවක් පැවැත්වීම,
  •   පසුගිය කාලයේ සිදුවී තිබෙන පා පැදි ක්ෂේත‍්‍රයේ අසාධාරණයක් පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කිරීම,
  •   ප‍්‍රවීණ විනිසුරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහන් අගෝස්තු 9 දා පැවැත්වීම
  •   කාන්තා පා පැදි සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම
  •   අදියර 1 පාඨමාලාව හැදෑරූවන්ට අදියර - 2 පාඨමාලාව හඳුන්වාදීම.
  •   පාසල් කී‍්‍රඩා ගුරුවරුන්ට පාපැදි කී‍්‍රඩාව පිළිබඳව පුහුණුවක් ලබාදෙමින් පුහුණුකරු ධුර ප‍්‍රදානය කිරීම
  •   සිවිල් කී‍්‍රඩා සමාජවලට උපකාර කිරීම
  •  දකුණු ආසියානු තරගාවලියට සූදානම්වීම
  •   උතුරු නැගෙනහිර පළාත්වල පාපැදි සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම
  •   විනෝදයට පාපැදි පදින්නන් අතර පා පැදි කී‍්‍රඩාව දියුණු කිරීම හා ප‍්‍රදර්ශන තරග පැවැත්වීම
  • කී‍්‍රඩකයන්ට තීරුබදු රහිතව පා පැදි හා අමතර කොටස් ලබා ගැනීමේ අවස්ථාව ඇති කිරීම
  •  පාපැදි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගයීම සඳහා වර්ණ සම්මාන ප‍්‍රදානෝත්සවයක් පැවැත්වීම

 

පාපැදි සම්මේලනයේ කමිටු සභාපතිවරු 
අනුග‍්‍රාහක කමිටුව - වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා
විනය කමිටුව - මේජර් ජනරාල් ජයන්ත රණවීර මහතා
තරග කමිටුව - බි‍්‍රගේඩියර් දුමින්ද වීරතුංග මහතා
තාක්ෂණ කමිටුව : අන්තර්ජාතික පා පැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා 
පුහුණු හා සංවර්ධන කමිටුව - ගෲප් කපිතාන් සුජීවන් සේනාරත්න මහතා
ව්‍යවස්ථා සම්පාදක කමිටුව - ආර්. චන්ද්‍රසේකර මහතා
තේරීම් කමිටුව - ඇන්ටන් රාජා ගුණතිලක මහතා

 


අදහස් (0)

පාපැදිය අලූත් පාරකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.