Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට තරගයක් දෙන්න පුළුවන්

පාකිස්තානයට තරගයක් දෙන්න පුළුවන්

editorial - 2022 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේෂ්ඨ ක්‍රිඩිකාවන් මෙන්ම තරුණ ක්‍රිඩිකාවන්ගෙන්ද සමන්විත වූ සංචිතයක් ඇති බැවින් පාකිස්තානු කණ්ඩායමට එරෙහිව හොඳ තරගයක් දී ඔවුන් පරාජය කරන්න පුලුවන් යැයි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එරටදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වසර 16 කට පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙම සංචාරය වේ. අවසන් වරට 2006 වසරේ පාකිස්තානයේ පැවැති ආසියානු කුසලාන කාන්තා තරගාවලිකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවි ඇත.

“පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය අපිට හොඳින් සලකනවා. ඒ හැම දේකටම අපි ඔවුන්ට ස්තූති වන්ත වෙනවා. අපේ රටට වඩා මෙහේ ටිකක් රස්නේ වැඩියි. නමුත් අපිට මෙහේදී හොඳ තරගාවලියකට එක් වෙන්න පුලුවන් කියලා හිතනවා” යයි චමරි අතපත්තු පැවසුවාය.

“අවසන් වසර දෙක තුලදී අපි කිසිම රටක් සමගින් එක්දින ජාත්‍යන්තර තරගාවලියකට ක්‍රීඩා කරලා නෑ. නමුත් අපි ගොඩක් දේශීය තරග ක්‍රීඩා කළා. විශේෂයෙන් කවීෂා දිල්හාරී, හර්ෂිතා මාධවී වගේ දක්ෂතා අතර සිටින තරුණ ක්‍රීඩිකාවන් මෙන්ම උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර වැනි ජේෂ්ඨ ක්‍රීඩිකාවනුත් අපට සිටිනවා” යයි ද නායිකා අතපත්තු කීවාය.

මෙම සංචාරයේදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලියට අයත්වේ. එම තරග වලදී ලබාගන්නා ජයග්‍රහණ,  මීළඟ ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබාගැනීමේදී එක් එක් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට බලපානු ඇත.

“අපිට මේ වසරේ නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්න බැරි වුනා. නමුත් මේ වසරේ ජුලී සහ අගෝස්තු මාස වලදී එංගලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩා කරන්න ලැබුන එක ගැන සතුටුයි” යැයි අතපත්තු පැවසුවාය.

“උදේශිකයි මමයි ඩුබායිහිදී ෆෙයාර් බ්‍රේක් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ. අවසන් මොහොතේදී ඉතා අවාසනාවන්ත ලෙස උදේෂිකාට කොරෝනා වයිරසය වැළඳුනා. නමුත් මේ වෙනවිට ඇය සුවය ලබමින් සිටිනවා. තව දින 2-3 කින් ඇයට කණ්ඩායම සමගින් එකතුවෙන්න පුලුවන් වෙනවා. ඇය තමයි අපේ හොඳම පන්දු යවන්නිය” යයි ද අතපත්තු පැවසුවාය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත කාන්තා විස්සයි-20 තරගාවලිය අඟහරුවාදා (24 වැනිදා) ආරම්භ වේ. දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජූනි මස 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.


- 2079


අදහස් (0)

පාකිස්තානයට තරගයක් දෙන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.