Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය පළමු ජය ලබයි
නෙදර්ලන්ත - පාකිස්තාන තරගය

පාකිස්තානය පළමු ජය ලබයි

editorial - 2022 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. මෙම තරගය ජයගත්තද ලබා සිටින ලකුණු සංඛ්‍යාව අනුව පාකිස්තානයට තවදුරටත් ‘බී’ කාණ්ඩයේ 5 වැනි ස්ථානයේම රැදී සිටීමට සිදුවිය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 92 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 13.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් රැස්කළේය.

යළිත් වරක් අසාර්ථක වූ නායක බාබර් අසාම්ට දුවද්දී දැවී යෑමකට හසුවන විට පන්දු 5 කදී ලබාගත හැකිව තිබුණේ ලකුණු 4 ක් පමණි. මෙවර තරගාවලියේදී පළමු වරට පාකිස්ථාන කණ්ඩායමට ක්‍රීඩා කළ ෆකාර් සමාන් පන්දු 16 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91 ක් පමණි. එහිදී ශදාබ් ඛාන් කඩුලු 3 ක්ද, මොහොමඩ් වසීම් කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ශහීන් අෆ්රිඩි, නසීම් ෂා සහ හාරිස් රවුෆ් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කොලින් ඇකර්මාන් හතරේ පහර 2 ක් සමග පන්දු 27 කින් ලකුණු 27 ක් රැස්කළ අතර පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම නෙදර්ලන්තයට විශාල පාඩුවක් විය.


නෙදර්ලනතය - ඕවර 20 කදී කඩුලු 9 කට 91
(කොලින් ඇකර්මාන් 27, ස්කොට් එඩ්වඩ්ස් 15, ශදාබ් ඛාන් 22/3, මොහොමඩ් වසීම් 15/2)

පාකිස්තානය - ඕවර 13.5 කදී කඩුලු 4 කට 95
(මොහොමඩ් රිස්වාන් 49, ෆකාර් සමාන් 20, බ්‍රෙන්ඩන් ග්ලෝවර් 22/2)

-036

 


අදහස් (0)

පාකිස්තානය පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.