Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය කඩුලු 2 ට 132 යි
පර්ත් ටෙස්ට් තරගය

පාකිස්තානය කඩුලු 2 ට 132 යි

editorial - 2023 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පර්ත් ටෙස්ට් තරගයේ ග්‍රහණය තමන්ගෙන් ගිළිහී යා නොදීමට පාකිස්තානු පිතිකරුවෝ බලවත් උත්සාහයක නිරතව සිටිති. ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. 

ඕස්ට්‍රේලියානුවෝ  සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 487 ක් ලබාගත්හ. කඩුලු 8 ක් අතැතිව සිටියද පාකිස්තානුවෝ තවමත් ලකුණු 355 ක් පසුපසින් සිටිති. ඉමාම් උල්  හක් නොදැවී ලකුණු 38 ක් ලබා සිටින අතර මුරකරු පිතිකරුවා වන කුරාම් ෂාසාඞ් ලකුණු 7 ක් ලබා සිටී. 

ඕස්ට්‍රේලියානුවන් දිවා ආහාරයට ගියේ කඩුලු 7 කට ලකුණු 476 ක් ලබා සිටිමිනි. එහෙත් දිවා ආහාරයෙන් පසුව යැවුණු පළමු පන්දුවේදීම මිචෙල් මාෂ් දැවී ගියේය. එතැන් සිට සුළු වේලාවකදී ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් විය. 

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල් හක් සහ අබ්දුල්ලා ෂෆීක් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව අබ්දුල්ලා ලකුණු 42 කට දැවී ගියේය. එය පිට දඟ පන්දු යවන නේතන් ලයන්ගේ 497 වැනි ටෙස්ට් කඩුල්ල විය. ටෙස්ට් කඩුලු 500 කඩයිම පසුකර ඇත්තේ පන්දු යවන්නන් හත් දෙනකු පමණි. එම සමාජයට ඇතුළත් වීම සඳහා ලයන්ට තවත් කඩුලු 3 ක් ඕනෑ කර තිබේ. 

මිචෙල් ස්ටාක්, ජොෂ් හේසල්වුඞ් සහ පැට් කමින්ස්ගේ බවුන්සර් පන්දු වරුසාවකට මුහුණ දුන් ඉමාම් උල් හක්ට සිය පළමු වැනි හතරේ පහර ගැසීම සඳහා පන්දු 85 ක් බලා සිටීමට සිදුවිය. ශාන් මසූඞ් තරමක් ආක්‍රමණශීලී වූවද, ඔහු වැඩි වේලාවක් පිටියේ රැඳුණේ නැත. මසූඞ්ගේ ලකුණු 30 ඉනිම පන්දු 43 කින් අවසන් විය. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 487 යි
(ඬේවිඞ් වෝනර් 164, උස්මන් කවාජා 41, මානස් ලැබුෂේන් 16, ස්ටීවන් ස්මිත් 31, ට්‍රැවිස් හෙඞ් 40, මිචෙල් මාෂ් 90, ඇලෙක්ස් කේරි 34, මිචෙල් ස්ටාක් 12, කුරාම් ෂෙශාඞ් 83/2, ආමිර් ජමාල් 111/6)

පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 2 ට 132 යි
(අබ්දුල්ලා ශෆීක් 42, ඉමාම් උල් හක් නොදැවී 38, ශාන් මසූඞ් 30)

- 213


අදහස් (0)

පාකිස්තානය කඩුලු 2 ට 132 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.