Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා සිට..)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය ලෙස පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර සාජා ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 72 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය. මෙම තරගයේදී ලැබූ ජයත් සමග අපරාජිතව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන එකම කණ්ඩායම බවට පත්වීමටද පාකිස්තානයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්තයට පාකිස්තානය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිචී බෙරිංටන් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරෙ පහර 4 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ෂොයිබ් මලික් පන්දු 18 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 180 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. එහිදී ඔහු ලබාගත් අර්ධ ශතකය මෙවර තරගාවලියේදී ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලෙසද සටහන් විය.
ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මලික්ට අනගි සහායක් දුන් මොහොමඩ් හෆීස් පන්දු 19 කදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. මෙවර තරගාවලියේදී සිය සිවුවැනි අර්ධ ශතකයත් ලබාගත් නායක බාබර් අසාම්, පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 66 ක් රැස්කරමින් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එම ඉනිමත් සමග තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමටද අසාම් සමත් විය.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 4 කට 189
(මොහොමඩ් රිස්වාන් 15, බාබර් අසාම් 66, මොහොමඩ් හෆීස් 31, ෂොයිබ් මලික් 54, ක්‍රිස් ග්‍රේව්ස් 43/2)
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 117
(ජොජ් මුන්සේ 17, රිචී බෙරින්ටන් නොදැවී 54, මයිකල් ලීසක් 14, ශදාබ් ඛාන් 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.