Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී (14 වැනිදා) පාකිස්තාන පළමු ඉනිම ලකුණු 148 කට සීමා කිරීමට මිචෙල් ස්ටාක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ස්ටාක් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත්තේය.
තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානුවෝ කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා පාකිස්තානයට වඩා ලකුණු 489 ක් ඉදිරියෙන් සිටියහ. ඒ වන විට ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක්ද, මානස් ලැබුෂේන් හයේ පහරක් සහ තරේ පහර 5 ක් සමග ලකුණු 37 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
දෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) තරගය නරත කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 505 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 51 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා පාකිස්තානයට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. පළමු ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටි නායක පැට් කමින්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කළේය.
හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් ලබා සිටි මිචෙල් ස්ටාක්, ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ අසාර් අලී අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑමෙන් ඕවර 9 කට පසුව ඕස්ට්‍රේලියානු නායකයා සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. මිචෙල් ස්වෙප්සන් (නොදැවී 15) සමග එක්ව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කමින්ස් සමත් විය.
පාකිස්තාන පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක බාබර් අසාම් හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක ලබාගත් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් මෙම තරගයේදී ලකුණු 20 කට දැවී ගියේය. 10 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නවුමාන් අලී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 20 ක් ලබා පාකිස්තාන ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටියේය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 556
(ඩේවිඩ් වෝනර් 36, උස්මාන් කවාජා 160, ස්ටීවන් ස්මිත් 72, නේදන් ලයන් 38, ට්‍රැවීස් හෙඩ් 23, කැමර්න් ග්‍රීන් 28, ඇලෙක්ස් කේරි 93, මිචෙල් ස්ටාක් 28, පැට් කමින්ස් නොදැවී 34, ශහීන් අෆ්රිඩි 95/4, හසන් අලී 71/2)
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 148
(ඉමාම් උල්හක් 20, බාබර් අසාම් 36, නවුමන් අලී නොදැවී 20, මිචෙල් ස්ටාක් 29/3, මිචෙල් ස්වෙප්සන් 32/2)
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 81
(උස්මාන් කවාජා නොදැවී 35, මානස් ලැබුෂේන් නොදැවී 37)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.