Last Update  :  2025-07-26 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තාන ක්‍රීඩිකාවෝ පළමු ජය ලබති
කාන්තා ලෝක කුසලාන - 2022

පාකිස්තාන ක්‍රීඩිකාවෝ පළමු ජය ලබති

editorial - 2022 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හි සෙඩෝන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී තරග 5 කට සහභාගි වූ පාකිස්තාන කණ්ඩාම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 20 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 90 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නායිකා බිස්මා මරූෆ් (නොදැවී 20) සහ ඔමායිමා සොහේල් (නොදැවී 22) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 33 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

පන්දු 29 කදී වාර්තා වූ බිස්මාගේ ඉනිමට එක් හයේ පහරක් හෝ හතරේ පහරක් ඇතුළත් නොවූ අතර පන්දු 27 කට මුහුණදුන් ඔමයිමා හතරේ පහරක් සමග ලකුණු රැස්කළාය. ආරම්භක පිතිකාරිණී මුනීබා අලී පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩි තාමක් දැමුවාය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායමට නිඩා දාර්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිඩා, සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූවාය. 

කොදෙව් කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිභිණිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී ඩීන්ඩ්‍රා ඩොටීන් පන්දු 35 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 27 ක් රැස්කළාය. නායිකා ස්ටෙෆනි ටේලර් පන්දු 31 කදී ලකුණු 18 ක්ද, ඇෆී ෆ්ලෙචර් පන්දු 7 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 12 ක්ද ලබාගත්හ.

කොදෙව් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 89  
(ඩීන්ඩ්‍රා ඩොටීන් 27, ස්ටෙෆනී ටේලර් 18, ඇෆී ෆ්ලෙචර් නොදැවී 12, නීඩා දාර් 10/4) 

පාකිස්තාන කාන්තා පිල - ඕවර 18.5 කදී කඩුලු 2 ක් දැවී 90  
මුනීබා අලී 37, බිස්මා මරූෆ් නොදැවී 20, ඔමයිමා සොහේල් නොදැවී 22)  

-036 

 

 


අදහස් (0)

පාකිස්තාන ක්‍රීඩිකාවෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.