Last Update  :  2025-12-10 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රියමාල් - දුලාෂ් - දිලුම් පොලිස් පිල දිනවති
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ප්‍රියමාල් - දුලාෂ් - දිලුම් පොලිස් පිල දිනවති

editorial - 2025 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය අද (8 වැනිදා) විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය පොලිස් ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 171 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ප්‍රිමාල් පෙරේරා (නොදැවී 116) සහ දුලාෂ් උදයංග (නොදැවී 88) පොලිස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

වේගවත් පිතිහරඹයක නිරත වූ ප්‍රියමාල් පන්දු 117 කට මුහුණ දෙමින් ලබාගත් ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සැරසූ අතර ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ දුලාෂ් පන්දු 190 කට මුහුණ දෙමින් ලබාගත් අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු ධනුජ ඉඳුවර හතරේ පහර 8 ක් සමග ලකුණු 48 ක් රැස්කළේය. 

දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) කඩුලු 8 ක් දැවී ලකුණු 194 ක් ලබා සිටි පානදුර කණ්ඩායමට අද දිනයේදී ඉතිරි කඩුලු 2 ද අහිමිකර ගනිමින් සිය දෙවැනි ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 77 කට කඩුලු 5 ක් දවාගත් දිලුම් සුදීර, දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 91 කට කඩුලු 6 ක් බිඳහෙළුවේය. 

 

පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 196 
(ඕෂද ප්‍රනාන්දු 45, සසිඳු මල්ෂාන් 65, දුෂාන් හේමන්ත 46, දිලුම් සුදීර 77/5) 

පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 155 
(දුලාෂ් උදයංග 21, අෂේන් බණ්ඩාර 24, විෂාද් රන්දික 26, දුෂාන් විමුක්ති 33/4, අසංක මනෝජ් 42/3, නිමේෂ් විමුක්ති 26/2) 

පානදුර දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 216
(ඕෂද ප්‍රනාන්දු 47, ඉරෝෂ් සමරසූරිය 48, විෂ්ව චතුරංග 34, ශාලිත ප්‍රනාන්දු 23, කාංචන ද සිල්වා 55, දිලුම් සුදීර 91/6, නලින් ප්‍රියදර්ෂන 46/3) 

පොලිස් දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 258  
(දුලාෂ් උදයංග නොදැවී 88, ප්‍රියමාල් පෙරේරා නොදැවී 116) 

 


අදහස් (0)

ප්‍රියමාල් - දුලාෂ් - දිලුම් පොලිස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.