Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට
ඉන්දීය - දකුණු අප්‍රිකා 1 වැනි එක්දින තරගය

පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව බෝලන්ඩ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජයත්‍යන්තර තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 297 ක ඉලක්යක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 265 ක් පමණි. ඇන්ඩිල් පෙලුක්වායෝ, තබ්‍රේස් ශම්ෂි සහ ලුංගි න්ගිඩි කඩුලු 2 බැගින් බිඳහෙළමින් එහිදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ආබාධයකට ලක්ව සිටින රෝහිත් ශර්මාගේ අදේශකයා ලෙස කලකට පසු ඉන්දීය කණ්ඩායමට එක්වූ ශිකර් ධවාන්, මෙම තරගයේදී හතරේ පහර 10 ක් සමග පන්දු 84 කින් ලකුණු 79 ක් රැස්කළේය. හිටපු නායක විරාට් කෝලි පන්දු 63 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 51 ක්ද, ශර්ධුල් ඨාකූර් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 50 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 296 ක් ලබාගත්තේය. එහිදී නායක ටෙම්බා බවුමා (110) සහ රාසි වැන්ඩර් ඩසන් (නොදැවී 129) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 184 කදී 204 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් බවුමා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 96 කට මුහුණදුන් වැන්ඩර් ඩසන් හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 143 කදී වාර්තා වූ බවුමාගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.


දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 4 කට 296
(ක්වින්ටින් ඩි’කොක් 27, ටෙම්බා බවුමා 110, රාසි වැන්ඩර් ඩසන් නොදැවී 129, ජස්ප්‍රීට් බුම්රා 48/2)

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 කට 265
(ශිකර් ධවාන් 79, විරාට් කෝලි 61, වෙන්කටේෂ් අයියර් 16, ශ්‍රෙයාස් අයියර් 17, ශර්ධුල් ඨාකූර් නොදැවි 50, ඇන්ඩිල් පෙලුක්වායෝ 26/2, තබ්‍රේස් ශම්ෂි 52/2, ලුංගි න්ගිඩි 64/2)


 

-036

 


අදහස් (0)

පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.