Last Update  :  2025-07-28 12:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු ඉලක්කය අ.අවසන් පූර්ව වටයයි
යොවුන් ලෝක කුසලාන

පළමු ඉලක්කය අ.අවසන් පූර්ව වටයයි

editorial - 2022 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී අපගේ මුල්ම ඉලක්කය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම බවත්, ඉන් පසුව තරගයෙන් තරගය ඉදිරියට යායුතු බවත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අපි බටහිර ඉන්දීය දූපත් වලට ඇවිල්ලා තාම දවස් 3 ක් විතර වෙන්නේ. තවත් දවස් 2 ක් විතර අපිට නිරෝධායනය වෙන්න වෙනවා. ඊට පස්සේ තමා අපිට පුහුණුවීම් පටන් ගන්න වෙන්නේ.

යොවුන් ආසියානු කුසලාන අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ අපි පරාජයට පත්වුවත්, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වනවිට හොඳ තත්වයක ඉන්නවා. අවසන් මාස 4 තුලදී පැවැති තරග 14 කින් අපි තරග 11 ක් ජයගෙන තියෙනවා.

මේ මස 10 සහ 12 දිනයන්හිදී උගන්ඩා සහ අයර්ලන්ත යොවුන් කණ්ඩායම් වලට එරෙහිව ගයානා ජාතික ක්‍රීඩාංගණයේදී පුහුණු තරග 2 කට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවීමට නියමිතව ඇත. ස්කොට්ලන්තය, ඕස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමගින් යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදී. 

ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙක පිළිබඳව තරමක අවබෝධයක් තිබුණද ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැති බව ගුණවර්ධන මහතා පැවසීය. 

“දකුණු අප්‍රිකානු සහ එංගලන්ත යොවුන් කණ්ඩායම් සමගින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, යොවුන් ලෝක කුසලාන තරගාවලිට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරයත් අපි දැක්කා. නමුත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පසුගිය කාලේ ක්‍රීඩා කරනවා අපි දැකලා නෑ”

මේ වනවිට ආබාධයකට ලක්ව සිටින මතීෂ පතිරණ හොඳ අතට හැරෙමින් සිටිනවා. තව සතියක් විතර යනකොට පුහුණුවිම් ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා යැයි පුහුණුකරු පැවසීය.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් මේ මස 14 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, 17 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිවද, 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවද ක්‍රීඩා කිරීමට නියමිතය.

 


අදහස් (0)

පළමු ඉලක්කය අ.අවසන් පූර්ව වටයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.