Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පසිඳු - ලක්ෂාන් ගාල්ල පිල ඇදගෙන යති
ජාතික සුපිරි ලීගය

පසිඳු - ලක්ෂාන් ගාල්ල පිල ඇදගෙන යති

editorial - 2024 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 312 ක් ලබා සිටියේය. 

පළමු දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි පසිඳු සූරියබණ්ඩාර හතරේ පහර 7 ක් සමග ලකුණු 78 ක්ද, ලක්ෂාන් එදිරිසිංහ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 69 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ගාල්ල ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 126 කි. 

ෂෙහාන් ප්‍රනාන්දු හතරේ පහර 6 ක් සමග ලකුණු 56 ක් රැස්කළ අතර පසිඳු සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 63 ක් එක් කිරීමටද ඔහු සමත් විය. හතරේ පහර 3 ක් සමග ලකුණු 49 ක් ලබා සිටි නායක සංගීත් කුරේ අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ ළහිරු මධුෂංකගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. 


ගාල්ල පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 312 
(සංගීත් කුරේ 49, ඕෂධ ප්‍රනාන්දු 22, ෂෙහාන් ප්‍රනාන්දු 56, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 78, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 69) 


අදහස් (0)

පසිඳු - ලක්ෂාන් ගාල්ල පිල ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.