Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පසිඳු - විෂාද් ගාල්ල ඉනිම ගොඩනගති
ජාතික සුපිරි ලීගය

පසිඳු - විෂාද් ගාල්ල ඉනිම ගොඩනගති

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ පළමු දිනය වූ අද (28 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටියේය. 

පළමු දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි විෂාද් රන්දික හතරේ පහර 8 ක් සමග ලකුණු 89 ක්ද, නිමේෂ් විමුක්ති හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. එහිදී පසිඳු සූරියබණ්ඩාර ලකුණු 83 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ලකුණු 93 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට පසිඳු සහ විෂාද් සමත් වූහ. හයවැනි කඩුල්ල වෙනුවෙන් විෂාද් සහ නිමේෂ් එක්ව ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 46 කි. 


ගාල්ල පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 286     
(සංගීත් කුරේ 18, ඕෂධ ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විෂාද් රණ්දික 89, නිමේෂ් විමුක්ති නොදැවී 34, දිල්ෂාන් අබේසිංහ 38/2) 


අදහස් (0)

පසිඳු - විෂාද් ගාල්ල ඉනිම ගොඩනගති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.